☰
පින්වත් මහණෙනි, රූප අනාත්මයි. රූපවල ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්රත්යය වූ යමක් ඇත්ද එයත් අනාත්මයි. ඉතින් පින්වත් මහණෙනි, අනාත්ම දෙයින් හටගත් රූප කෙසේ නම් ආත්ම වන්ටද? ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ අනාත්මයි. මනසට අරමුණු වන දේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්රත්යය වූ යමක් ඇත්ද එයත් අනාත්මයි. ඉතින් පින්වත් මහණෙනි, අනාත්ම දෙයින් හටගත් මනසට අරමුණු වන දේ කෙසේ නම් ආත්ම වන්ටද?
පින්වත් මහණෙනි, ශ්රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
බාහිර අනත්ත සූත්රය නිමා විය.
දාහතරවෙනි දේවදහ වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
දේවදහ සූත්රය, ඛන සූත්රය, සගය්හ සූත්රය, ගය්හ සූත්රය, පලාස සූත්ර දෙක, අජ්ඣත්තබාහිර නමින් සූත්ර හයයි වශයෙන් සූත්ර දොළොසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M