☰
පින්වත් මහණෙනි, රූප දුකයි. රූපවල ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්රත්යය වූ යමක් ඇත්ද එයත් දුකයි. ඉතින් පින්වත් මහණෙනි, දුක් දෙයින් හටගත් රූප කෙසේ නම් සැප වන්ටද? ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ දුකයි. මනසට අරමුණු වන දේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්රත්යය වූ යමක් ඇත්ද එයත් දුකයි. ඉතින් පින්වත් මහණෙනි, දුක් දෙයින් හටගත් මනසට අරමුණු වන දේ කෙසේ නම් සැප වන්ටද?
පින්වත් මහණෙනි, ශ්රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
බාහිර දුක්ඛ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M