පින්වත් මහණෙනි, රූප අනිත්‍යයි. රූපවල ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්‍රත්‍යය වූ යමක් ඇත්ද එයත් අනිත්‍යයි. ඉතින් පින්වත් මහණෙනි, අනිත්‍ය දෙයින් හටගත් රූප කෙසේ නම් නිත්‍ය වන්ටද? ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ අනිත්‍යයි. මනසට අරමුණු වන දේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්‍රත්‍යය වූ යමක් ඇත්ද එයත් අනිත්‍යයි. ඉතින් පින්වත් මහණෙනි, අනිත්‍ය දෙයින් හටගත් මනසට අරමුණු වන දේ කෙසේ නම් නිත්‍ය වන්ටද?
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ශබ්ද ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ගන්ධ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. පහස කෙරෙහිත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසට අරමුණු වන දේ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
බාහිරානිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M