පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා නම්, එහි ගුණ කියනවා නම්, එහි බැසගෙන සිටිනවා නම්, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව මාරයාගේ වාසස්ථානයට ගියා කියලා. මාරයාගේ වසඟයට ගියා කියලා, මාර තොණ්ඩුව බෙල්ලට හිර වුණා කියලා, ඔහු මාර බන්ධනයෙන් බැඳුන නිසා පවිටු මාරයාට කැමැති දෙයක් කරන්නට පුළුවනි.
පින්වත් මහණෙනි, කනෙන් දත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා නම්, එහි ගුණ කියනවා නම්, එහි බැසගෙන සිටිනවා නම්, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව මාරයාගේ වාසස්ථානයට ගියා කියලා. මාරයාගේ වසඟයට ගියා කියලා, මාර තොණ්ඩුව බෙල්ලට හිර වුණා කියලා, ඔහු මාර බන්ධනයෙන් බැඳුන නිසා පවිටු මාරයාට කැමැති දෙයක් කරන්නට පුළුවනි.
පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන සිටින්නේ නෑ, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව මාරයාගේ වාසස්ථානයට ගියේ නෑ කියලා. මාරයාගේ වසඟයට ගියේ නෑ කියලා, මාර තොණ්ඩුව බෙල්ලෙන් ගිලිහුණා කියලා, ඔහු මාර බන්ධනයෙන් නිදහස් වුණ නිසා පවිටු මාරයාට කැමැති දෙයක් කරන්නට පුළුවන් කමක් නෑ.
පින්වත් මහණෙනි, කනෙන් දත යුතු වූ ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන සිටින්නේ නෑ, පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ භික්ෂුව මාරයාගේ වාසස්ථානයට ගියේ නෑ කියලා. මාරයාගේ වසඟයට ගියේ නෑ කියලා, මාර තොණ්ඩුව බෙල්ලෙන් ගිලිහුණා කියලා, ඔහු මාර බන්ධනයෙන් නිදහස් වුණ නිසා පවිටු මාරයාට කැමැති දෙයක් කරන්නට පුළුවන් කමක් නෑ.
සාදු! සාදු!! සාදු!!!
මාරපාස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M