ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ නාදික ගමෙහි ගඩොලින් කළ ආවාසයකයි වැඩ හිටියේ. එදා භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවේ විවේකීව වැඩසිටිමින් මේ දහම් ක්‍රමය පවසා වදාළා.
ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතුවෙන් උපාදාන ඇති වෙනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළුමහත් දුක්ඛස්කන්ධය ම හටගන්නේ.
කනත් නිසා ….(පෙ)…. නාසයත් නිසා ….(පෙ)…. දිවත් නිසා ….(පෙ)…. කයත් නිසා ….(පෙ)…. මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතුවෙන් උපාදාන ඇති වෙනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළුමහත් දුක්ඛස්කන්ධය ම හටගන්නේ.
ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් ….(පෙ) ඔය ආකාරයටයි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වෙන්නේ.
කනත් නිසා ….(පෙ)…. නාසයත් නිසා ….(පෙ)…. දිවත් නිසා ….(පෙ)…. කයත් නිසා ….(පෙ)…. මනසත් මනසට අරමණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් ….(පෙ) ඔය ආකාරයටයි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වෙන්නේ.
ඒ මොහොතෙදී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගේ හඬ ඇසෙන සමීපයෙහි සිටියා. භාග්‍යවතුන් වහන්සේගේ හඬ ඇසෙන සමීපයෙහි සිටි ඒ භික්ෂුව දැක වදාළා. දැකලා ඒ භික්ෂුවට මෙසේ වදාළා. “පින්වත් භික්ෂුව, ඔබ මේ දහම් ක්‍රමය අසාගෙන නේද හිටියේ?” “එසේය ස්වාමීනී,” “පින්වත් භික්ෂුව, ඔබ මේ දහම් ක්‍රමය ඉගෙන ගන්න. පින්වත් භික්ෂුව, ඔබ මේ දහම් ක්‍රමය කට පාඩම් කරගන්න. පින්වත් භික්ෂුව, ඔබ මේ දහම් ක්‍රමය මතක තබා ගන්න. පින්වත් භික්ෂුව, මේ දහම් ක්‍රමය ඉතාම අර්ථවත්. නිවන් මගට මුල් වෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
උපස්සුති සූත්‍රය නිමා විය.
එකොළොස්වෙනි යෝගක්ඛේමි වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
යෝගක්ඛේමි සූත්‍රය, උපාදාය සුත්‍රය, දුක්ඛ සූත්‍රය, ලෝක සූත්‍රය, සෙය්‍ය සූත්‍රය, සඤ්ඤෝජන සූත්‍රය, උපාදාන සූත්‍රය, පරිජානන සුත්‍ර දෙක, උපස්සුති සුත්‍රය, යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M