☰
පින්වත් මහණෙනි, ග්‍රහණය වීම ඇති කරවන දේත්, ග්‍රහණය වීමත් ගැන කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, ග්‍රහණය වීම ඇතිකරවන දේ යනු කුමක්ද? ග්‍රහණය වීම යනු කුමක්ද?
පින්වත් මහණෙනි, ඇස යනු ග්‍රහණය වීම ඇතිකරවන දෙයක්. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන ග්‍රහණය වීම. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව යනු ග්‍රහණය වීම ඇතිකරවන දෙයක්. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන ග්‍රහණය වීම. කය ….(පෙ)…. මනස යනු ග්‍රහණය වීම ඇතිකරවන දෙයක්. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන ග්‍රහණය වීම. පින්වත් මහණෙනි, මේවා තමයි ග්‍රහණය වීම ඇති කරවන දේ කියලා කියන්නේ. මෙය තමයි ග්‍රහණය වීම කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
උපාදාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M