සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.11.6. සඤ්ඤෝජන සුත්තං

1.11.6. කෙලෙස් බන්ධනය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, කෙලෙස් බන්ධනය ඇති කරවන දේත්, කෙලෙස් බන්ධනයත් ගැන කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, කෙලෙස් බන්ධනය ඇති කරවන දේ යනු කුමක්ද? කෙලෙස් බන්ධනය යනු කුමක්ද?

පින්වත් මහණෙනි, ඇස යනු කෙලෙස් බන්ධනය ඇති කරවන දෙයක්. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන කෙලෙස් බන්ධනය. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව යනු කෙලෙස් බන්ධනය ඇති කරවන දෙයක්. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන කෙලෙස් බන්ධනය. කය ….(පෙ)…. මනස යනු කෙලෙස් බන්ධනය ඇති කරවන දෙයක්. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන කෙලෙස් බන්ධනය. පින්වත් මහණෙනි, මේවා තමයි කෙලෙස් බන්ධනය ඇති කරවන දේ කියලා කියන්නේ, මෙය තමයි කෙලෙස් බන්ධනය කියලා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සඤ්ඤෝජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M