පින්වත් මහණෙනි, කුමක් ඇති කල්හි ද, කුමක් හේතුවෙන් ද, කුමකට බැසගෙන ද, “මම උසස් වෙමි යන හැඟීම හෝ ඇති වන්නේ? මම සමාන වෙමි යන හැඟීම හෝ ඇති වන්නේ? මම පහත් වෙමි යන හැඟීම ඇති වන්නේ?
ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන යි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙන යි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන යි පවතින්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ම ඔය වදාළ කරුණෙහි අරුත් වැටහෙන සේක් නම් ඉතා යහපති. එතකොට භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් මතකයේ රඳවා ගනීවි.
පින්වත් මහණෙනි, ඇස තිබෙන විටයි, ඇස හේතු කරගෙනයි, ඇසට බැස ගෙනයි, “මම උසස් වෙමි යන හැඟීම හෝ ඇති වන්නේ. මම සමාන වෙමි යන හැඟීම හෝ ඇති වන්නේ. මම පහත් වෙමි”යන හැඟීම හෝ ඇති වන්නේ. කන තිබෙන විටයි ….(පෙ)…. නාසය තිබෙන විටයි ….(පෙ)…. දිව තිබෙන විටයි ….(පෙ)…. කය තිබෙන විටයි ….(පෙ)…. මනස තිබෙන විටයි, මනස හේතු කරගෙනයි, මනසට බැස ගෙනයි, ‘මම උසස් වෙමි යන හැඟීම හෝ ඇති වන්නේ. මම සමාන වෙමි යන හැඟීම හෝ ඇති වන්නේ. මම පහත් වෙමි යන හැඟීම හෝ ඇති වන්නේ.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි, අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එයට නොබැඳී ‘මම උසස් වෙමි යන හැඟීම හෝ ඇති වෙනවාද? මම සමාන වෙමි යන හැඟීම හෝ ඇති වෙනවාද? මම පහත් වෙමි’ යන හැඟීම හෝ ඇති වෙනවා ද? ස්වාමීනී, එය නොවේ ම ය.
කන නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. නාසය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. දිව නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. කය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. මනස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි, අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එයට නොබැඳී ‘මම උසස් වෙමි යන හැඟීම හෝ ඇති වෙනවාද? මම සමාන වෙමි යන හැඟීම හෝ ඇති වෙනවාද? මම පහත් වෙමි’ යන හැඟීම හෝ ඇති වෙනවාද? ස්වාමීනී, එය නොවේ ම ය.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
සෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M