සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.11.8. පරිජානන සුත්තං

1.11.8. පිරිසිඳ දැනීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, ඇස විශේෂ නුවණින් නොදන්නා විට, පිරිසිඳ නොදන්නා විට, ඇල්ම දුරු නොකළ විට, අත් නොහළ විට දුක් ක්ෂය කිරීම කළ හැකි දෙයක් නම් නොවේ. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස විශේෂ නුවණින් නොදන්නා විට, පිරිසිඳ නොදන්නා විට, ඇල්ම දුරු නොකළ විට, අත් නොහළ විට දුක් ක්ෂය කිරීම කළ හැකි දෙයක් නම් නොවේ. නමුත් පින්වත් මහණෙනි, ඇස විශේෂ නුවණින් දන්නා විට, පිරිසිඳ දන්නා විට, ඇල්ම දුරු කළ විට, අත් හළ විට දුක් ක්ෂය කිරීම කළ හැකි දෙයකි. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස විශේෂ නුවණින් දන්නා විට, පිරිසිඳ දන්නා විට, ඇල්ම දුරු කළ විට, අත් හළ විට දුක් ක්ෂය කිරීම කළ හැකි දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

පරිජානන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M