සැවැත් නුවර දී ……
පින්වත් මහණෙනි, කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් වීම නම් වූ දහම් ක්රමයක් ඔබට දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් වීම නම් වූ දහම් ක්රමය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. තථාගතයන් වහන්සේට ඒවා ප්රහීණ වෙලා තියෙන්නේ. මුලින් ම සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුන තල් ගසක් වෙලයි තියෙන්නේ. යළි නූපදින පරිදි අභාවයට පත්වෙලයි තියෙන්නේ. ඒවායේ ප්රහාණය පිණිස වැඩ පිළිවෙළත් දේශනා කළා. එනිසා තථාගතයන් වහන්සේ යෝගක්ඛේමි කියලා කියනවා.
පින්වත් මහණෙනි, කනෙන් දැනගත යුතු වූ ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු ගඳ-සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු රස තියෙනවා. ….(පෙ)…. කයින් දැනගත යුතු පහස තියෙනවා. ….(පෙ)…. මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. තථාගතයන් වහන්සේට ඒවා ප්රහීණ වෙලා තියෙන්නේ. මුලින්ම සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුන තල් ගසක් වෙලයි තියෙන්නේ. යළි නූපදින පරිදි අභාවයට පත්වෙලයි තියෙන්නේ. ඒවායේ ප්රහාණය පිණිස වැඩපිළිවෙලත් දේශනා කළා. එනිසා තථාගතයන් වහන්සේ යෝගක්ඛේමි කියලා කියනවා. පින්වත් මහණෙනි, කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් වීම නම් වූ දහම් ක්රමය යනු මෙයයි.
සාදු! සාදු!! සාදු!!!
යෝගක්ඛේමි සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-11-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M