සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.1.9. දුතිය අජ්ඣත්තානත්ත සුත්තං

1.1.9. තමා තුළ ඇති අනාත්ම බව ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, අතීත වූත් අනාගත වූත් ඇස අනාත්මයි. ඉතින් වර්තමාන ඇසේ අනාත්ම බව ගැන කවර කතා ද? පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට අතීතයට ගිය ඇස පිළිබඳව අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගත ඇස පිළිගන්නේ නෑ. වර්තමානයෙහි ඇති ඇස පිළිබඳව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා. අතීත වූත් අනාගත වූත් කන අනාත්මයි. ඉතින් වර්තමාන කනේ අනාත්ම බව ගැන කවර කතා ද? ….(පෙ)…. අතීත වූත් අනාගත වූත් නාසය අනාත්මයි. ඉතින් වර්තමාන නාසයේ අනාත්ම බව ගැන කවර කතා ද? ….(පෙ)…. අතීත වූත් අනාගත වූත් දිව අනාත්මයි. ඉතින් වර්තමාන දිවේ අනාත්ම බව ගැන කවර කතා ද? ….(පෙ)…. අතීත වූත් අනාගත වූත් කය අනාත්මයි. ඉතින් වර්තමාන කයේ අනාත්ම බව ගැන කවර කතා ද? ….(පෙ)…. අතීත වූත් අනාගත වූත් මනස අනාත්මයි. ඉතින් වර්තමාන මනසේ අනාත්ම බව ගැන කවර කතා ද? පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට අතීතයට ගිය මනස පිළිබඳව අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගත මනස පිළිගන්නේ නෑ. වර්තමානයෙහි ඇති මනස පිළිබඳව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අජ්ඣත්තානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M