සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.1.10. දුතිය බාහිරානිච්ච සුත්තං

1.1.10. බාහිර දේ තුළ ඇති අනිත්‍යතාව ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, අතීත වූත් අනාගත වූත් රූප අනිත්‍යයි. ඉතින් වර්තමාන රූපවල අනිත්‍ය බව ගැන කවර කතා ද? පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට අතීතයට ගිය රූප පිළිබඳව අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගත රූප පිළිගන්නේ නෑ. වර්තමානයෙහි ඇති රූප පිළිබඳව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා. ශබ්ද ….(පෙ)…. ගඳ-සුවඳ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. අතීත වූත් අනාගත වූත් සිතට අරමුණු වන දේ අනිත්‍යයි. ඉතින් වර්තමානයේ සිතට අරමුණු වන දේ තුළ ඇති අනිත්‍ය බව ගැන කවර කතා ද? පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට අතීතයට ගිය සිතට අරමුණු වුණ දේ පිළිබඳව අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගතයේ සිතට අරමුණු වන දේ පිළිගන්නේ නෑ. වර්තමානයෙහි සිතට අරමුණු වන දේ පිළිබඳව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය බාහිරානිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M