☰
සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, අතීත වූත් අනාගත වූත් ඇස දුකයි. ඉතින් වර්තමාන ඇසේ දුක ගැන කවර කතා ද? පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට අතීතයට ගිය ඇස පිළිබඳව අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගත ඇස පිළිගන්නේ නෑ. වර්තමානයෙහි ඇති ඇස පිළිබඳව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා. ….(පෙ)…. අතීත වූත් අනාගත වූත් මනස දුකයි. ඉතින් වර්තමාන මනසේ දුක ගැන කවර කතා ද? පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට අතීතයට ගිය මනස පිළිබඳව අපේක්ෂා රහිත (මධ්‍යස්ථ) වෙනවා. අනාගත මනස පිළිගන්නේ නෑ. වර්තමානයෙහි ඇති මනස පිළිබඳව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අජ්ඣත්තදුක්ඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M