සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, රූපය යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
ශබ්ද යනු අනිත්‍ය දෙයක් ….(පෙ)…. ගඳ-සුවඳ යනු අනිත්‍ය දෙයක් ….(පෙ)…. රස යනු අනිත්‍ය දෙයක් ….(පෙ)…. පහස යනු අනිත්‍ය දෙයක් ….(පෙ)…. සිතට අරමුණු වන දේ යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට රූප කෙරෙහිත් කලකිරෙනවා. ශබ්ද කෙරෙහිත් කලකිරෙනවා. ගඳ-සුවඳ කෙරෙහිත් කලකිරෙනවා. රස කෙරෙහිත් කලකිරෙනවා. පහස කෙරෙහිත් කලකිරෙනවා. සිතට අරමුණු වන දේ කෙරෙහිත් කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
බාහිරානිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M