☰
සැවැත් නුවර දී….
පින්වත් මහණෙනි, රූප යනු දුකයි. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
ශබ්ද යනු දුකයි ….(පෙ)…. ගඳ-සුවඳ යනු දුකයි ….(පෙ)…. රස යනු දුකයි ….(පෙ)…. පහස යනු දුකයි ….(පෙ)…. සිතට අරමුණු වන දේ යනු දුකයි. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, ඔය අයුරින් දකින විට ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
බාහිරදුක්ඛ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M