සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.1.3. අජ්ඣත්තානත්ත සුත්තං

1.1.3. තමා තුළ ඇති අනාත්ම බව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, ඇස යනු (තමාගේ වසඟයෙහි පැවැත්විය නො හැකි) අනාත්ම දෙයක්. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.

කන යනු (තමාගේ වසඟයෙහි පැවැත්විය නො හැකි) අනාත්ම දෙයක් ….(පෙ)…. නාසය යනු (තමාගේ වසඟයෙහි පැවැත්විය නො හැකි) අනාත්ම දෙයක් ….(පෙ)…. දිව යනු (තමාගේ වසඟයෙහි පැවැත්විය නො හැකි) අනාත්ම දෙයක් ….(පෙ)…. කය යනු (තමාගේ වසඟයෙහි පැවැත්විය නො හැකි) අනාත්ම දෙයක් ….(පෙ)…. මනස යනු (තමාගේ වසඟයෙහි පැවැත්විය නො හැකි) අනාත්ම දෙයක්. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.

පින්වත් මහණෙනි, ඔය අයුරින් දකින විට ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

අජ්ඣත්තානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M