සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.1.2. අජ්ඣත්තදුක්ඛ සුත්තං

1.1.2. තමා තුළ ඇති දුක ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, ඇස යනු දුකයි. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.

කන යනු දුකයි ….(පෙ)…. නාසය යනු දුකයි ….(පෙ)…. දිව යනු දුකයි ….(පෙ)…. කය යනු දුකයි ….(පෙ)…. මනස යනු දුකයි. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.

පින්වත් මහණෙනි, ඔය අයුරින් දකින විට ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

අජ්ඣත්තදුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M