මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළා. ඒ භික්ෂූහු “පින්වතුන් වහන්ස” යැයි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.
පින්වත් මහණෙනි, ඇස යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, කන යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, නාසය යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, දිව යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, කය යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, මනස යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද ඒක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද ඒක (තමාගේ වසඟයේ පවත්වන්ට බෑ) අනාත්මයි. අනාත්ම වූ යමක් ඇද්ද අන්න ඒ දෙය “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස කෙරෙහිත් කලකිරෙනවා. කන කෙරෙහිත් කලකිරෙනවා. නාසය කෙරෙහිත් කලකිරෙනවා. දිව කෙරෙහිත් කලකිරෙනවා. කය කෙරෙහිත් කලකිරෙනවා. මනස කෙරෙහිත් කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
අජ්ඣත්තානිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M