සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

3. තුන්වෙනි ගමන වග්ගෝ

3. තුන්වෙනි ගමන වර්ගය

3.3.1.-25. වාත සූත්‍රය

සුළඟ ගැන වදාළ දෙසුම

250-274. සැවැත් නුවර දී …………………

“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදා වෙන්නේ නෑ. බැසයන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මය තිබෙන්නේ …. (පෙ) ….

පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.

පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”

“ඉතින් පින්වත් මහණෙනි, යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ දුක තිබුණොත් තමයි, දුකට බැඳුණොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.”

(සූත්‍ර විසිපහම විස්තර කළ යුත්තේ ඔය ආකාරයෙනි)

සාදු! සාදු!! සාදු!!!

3.3.26. අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය

සැපදුක් රහිත ආත්මය ගැන වදාළ දෙසුම

275. සැවැත් නුවර දී …………………

පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මය තිබෙන්නේ …. (පෙ) ….

පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ, ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.

පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”

“විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”

“ඉතින් පින්වත් මහණෙනි, යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ දුක තිබුණොත් තමයි, දුකට බැඳුණොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වු ආත්මයක් තියෙනවා’ කියලා.”

සාදු! සාදු!! සාදු!!!

අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය නිමා විය.

තුන්වෙනි තතිය ගමන වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

වාත සූත්‍රය, ඒතංමම සූත්‍රය, සෝඅත්තා සූත්‍රය, නෝ ච මේසියා සූත්‍රය, නත්ථිදින්නං සූත්‍රය, කරතෝ සූත්‍රය, හේතු සූත්‍රය, මහාදිට්ඨි සූත්‍රය, අටවැන්නයි. සස්සතෝ ලෝකෝ සූත්‍රය, අසස්සතෝ ලෝකෝ සූත්‍රය, අන්තවා ලෝකෝ සූත්‍රය, අනන්තවා ලෝකෝ සූත්‍රය, තං ජීවං තං සරීරං සූත්‍රය, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සූත්‍රය, හෝති තථාගත සූත්‍රය, න හෝති තථාගත සූත්‍රය, හෝති ච න ච හෝති තථාගත සුත්‍රය, නේව හෝති න න හෝති තථාගත සූත්‍රය, රූපී අත්තා සූත්‍රය, අරූපී අත්තා සුත්‍රය, රූපී ච අරූපී ච අත්තා සූත්‍රය, නේව රූපී නා රූපී අත්තා සූත්‍රය, ඒකන්තසුඛී අත්තා සූත්‍රය, ඒකන්තදුක්ඛී අත්තා සූත්‍රය, සුඛදුක්ඛී අත්තා සූත්‍රය, අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය යන මේ දෙසුම් විසිහයෙන් දෙවෙනි වර්ගය සමන්විතයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M