224. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදා වෙන්නේ නෑ. බැසයන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙන තමයි භික්ෂූන් මතකයේ රඳවා ගන්නේ.” “එසේ නම් පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න …. (පෙ) ….
පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“ඉතින් පින්වත් මහණෙනි, දුක තිබුණොත් තමයි, දුකට බැඳුණොත් තමයි, දුකෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා., කියලා. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) ….
වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“ඔය විදිහට පින්වත් මහණෙනි, දුක තිබුණොත් තමයි, දුකට බැඳුණොත් තමයි, දුකෙහි බැස ගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදාවෙන්නේ නෑ. බැසයන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.”
සාදු! සාදු!! සාදු!!!
වාත සූත්‍රය නිමා විය.
225. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැස ගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ ‘මේක මගේ, මේක තමයි මම, මේක මගේ ආත්මය’ කියලා.
ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි …. (පෙ) …. මේක මගේ ආත්මය’ කියලා.
(කලින් සූත්‍ර විස්තර කළ විලසින් ම මේ දෙසුම්ද විස්තර කළ යුතු ය.)
සාදු! සාදු!! සාදු!!!
ඒතං මම සූත්‍රය නිමා විය.
226. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘ආත්මය එයයි. ලෝකය එයයි. ඒ මම පරලොවදී නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා’ කියලා.
ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා, කියලා.
සාදු! සාදු!! සාදු!!!
සෝ අත්තා සූත්‍රය නිමා විය.
227. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මා නොසිටියා නම්, මා හට නොවන්නේ ය. අනාගතයේ මා නොසිටින්නේ නම්, එවිටද මා හට නොවන්නේ ය’ කියලා …. (පෙ) …. මා හට නොවන්නේ ය’
සාදු! සාදු!! සාදු!!!
නෝ ච මේ සියා සූත්‍රය නිමා විය.
228. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘දීමෙහි විපාක නැත, පුද පූජාවන්හි විපාක නැත …. (පෙ) …. කය බිඳී යෑමෙන් පසු උච්ඡේදයට පත්වෙනවා. විනාශ වී යනවා. මරණින් මතු උපතක් නෑ’ කියලා …. (පෙ) ….
ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. මරණින් මතු උපතක් නෑ’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
නත්ථි දින්න සූත්‍රය නිමා විය.
229. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘සිදුවෙන පිනක් නෑ. පිනේ ආපසු ඒමක් නෑ’ කියලා …. (පෙ) …. ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. පිනේ ආපසු ඒමක් නෑ’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
කරතෝ සූත්‍රය නිමා විය.
230. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘සත්වයන්ගේ කිළුටු වීමට හේතුවක් නෑ. ප්‍රත්‍යයක් නෑ. හේතු රහිතව, ප්‍රත්‍ය රහිතව සත්වයන් කිළුටු වෙනවා …. (පෙ) …. අභිජාති හයක් තුළ විතරයි සැප දුක් විඳින්නේ’ කියලා …. (පෙ) …. විඳින්නේ’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
නත්ථි හේතු සූත්‍රය නිමා විය.
231. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මෙහි ධාතු හතක් තියෙනවා. කවුරුවත් කරපු දෙයක් නොවෙයි. විධානයකින් හැදුණු දෙයකුත් නොවෙයි …. (පෙ) …. ලෙහි ලෙහී යමින් තමයි සැපදුක් ගෙවන්නේ’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. සැපදුක් ගෙවන්නේ’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
මහා දිට්ඨි සූත්‍රය නිමා විය.
232. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘ලෝකය සදාකාලිකයි’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. ලෝකය සදාකාලිකයි’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
සස්සතලෝක සූත්‍රය නිමා විය.
233. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘ලෝකය සදාකාලික නැත’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. ලෝකය සදාකාලික නැත’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
අසස්සතලෝක සූත්‍රය නිමා විය.
234. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘ලෝකය කෙලවර සහිතයි’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. ලෝකය කෙලවර සහිතයි’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
අන්තවා සූත්‍රය නිමා විය.
235. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘ලෝකය කෙලවර රහිතයි’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. ලෝකය කෙලවර රහිතයි’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
අනන්තවා සූත්‍රය නිමා විය.
236. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘එයයි ජීවය එයයි ශරීරය’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. එයයි ජීවය එයයි ශරීරය’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
තං ජීවං තං සරීරං සූත්‍රය නිමා විය.
237. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘ජීවය අනෙකකි, ශරීරය අනෙකකි’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. …. (පෙ) …. ජීවය අනෙකකි, ශරීරය අනෙකකි’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සූත්‍රය නිමා විය.
238. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු සිටිති’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
හෝති තථාගත සූත්‍රය නිමා විය.
239. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
න හෝති තථාගත සූත්‍රය නිමා විය.
240. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති, නොසිටිති’ කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු සිටිති, නොසිටිති’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
හෝති ච න ච හෝති තථාගත සූත්‍රය නිමා විය.
241. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මය තිබෙන්නේ …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.
පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? …. (පෙ) …. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
නේව හෝති න න හෝති තථාගත සූත්‍රය නිමා විය.
242. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන් ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය ආත්මයක් තියෙනවා’ කියලා.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මය තිබෙන්නේ. …. (පෙ) ….
පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය ආත්මයක් තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය ආත්මයක් තියෙනවා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, මෙය නොවේ ම ය.”
“විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, මෙය නොවේ ම ය.”
“පින්වත් මහණෙනි, ඔය විදිහට දුක තිබුණොත් තමයි, දුකට බැඳුණොත් තමයි, දුකෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය ආත්මයක් තියෙනවා’ කියලා.”
සාදු! සාදු!! සාදු!!!
රූපී අත්තා සූත්‍රය නිමා විය.
243. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැස ගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘මරණින් මතු ආරෝග්‍ය වූ අරූපමය ආත්මයක් තියෙනවා’ කියලා.
(එම පෙය්‍යාලයම විස්තර කළ යුතුය)
සාදු! සාදු!! සාදු!!!
අරූපී අත්තා සූත්‍රය නිමා විය.
244. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය වූත් අරූපමය වූත් ආත්මයක් තියෙනවා’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
රූපී ච අරූපී ච අත්තා සූත්‍රය නිමා විය.
245. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මරණින් මතු ආරෝග්‍ය වූ රූපමය නොවූත්, අරූපමය නොවූත් ආත්මයක් තියෙනවා’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
නේව රූපී නාරූපී ච අත්තා සූත්‍රය නිමා විය.
246. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත සැපවත් වූ ආත්මයක් තියෙනවා’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
ඒකන්තසුඛී අත්තා සූත්‍රය නිමා විය.
247. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත දුක් වූ ආත්මයක් තියෙනවා’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
ඒකන්තදුක්ඛී අත්තා සූත්‍රය නිමා විය.
248. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් සහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.
සාදු! සාදු!! සාදු!!!
සුඛදුක්ඛී අත්තා සූත්‍රය නිමා විය.
249. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මය තිබෙන්නේ …. (පෙ) ….
පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, මෙය නොවේ ම ය.”
“විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, මෙය නොවේ ම ය.”
“පින්වත් මහණෙනි, ඔය විදිහට දුක තිබුණොත් තමයි, දුකට බැඳුණොත් තමයි, දුකෙහි බැස ගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය නිමා විය.
දෙවෙනි ගමන වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
වාත සූත්‍රය, ඒතංමම සූත්‍රය, සෝඅත්තා සූත්‍රය, නෝ ච මේසියා සූත්‍රය, නත්ථිදින්නං සූත්‍රය, කරතෝ සූත්‍රය, හේතු සූත්‍රය, මහාදිට්ඨි සූත්‍රය, අටවැන්නයි. සස්සතෝ ලෝකෝ සූත්‍රය, අසස්සතෝ ලෝකෝ සූත්‍රය, අන්තවා ලෝකෝ සූත්‍රය, අනන්තවා ලෝකෝ සූත්‍රය, තං ජීවං තං සරීරං සූත්‍රය, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සූත්‍රය, හෝති තථාගත සූත්‍රය, න හෝති තථාගත සූත්‍රය, හෝති ච න ච හෝති තථාගත සුත්‍රය, නේව හෝති න න හෝති තථාගත සූත්‍රය, රූපී අත්තා සූත්‍රය, අරූපී අත්තා සුත්‍රය, රූපී ච අරූපී ච අත්තා සූත්‍රය, නේව රූපී නා රූපී අත්තා සූත්‍රය, ඒකන්තසුඛී අත්තා සූත්‍රය, ඒකන්තදුක්ඛී අත්තා සූත්‍රය, සුඛදුක්ඛී අත්තා සූත්‍රය, අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය යන මේ දෙසුම් විසිහයෙන් දෙවෙනි වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M