206. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන් ද, කවර දෙයක බැස ගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදා වෙන්නේ නෑ. බැසයන්නෙත් නෑ. ඒ හැම දෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි. …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙන තමයි භික්ෂූන් මතකයේ රඳවා ගන්නේ.”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදාවෙන්නේ නෑ. බැස යන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි. …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදාවෙන්නේ නෑ. බැසයන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා.’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදාවෙන්නේ නෑ. බැස යන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදාවෙන්නේ නෑ. බැස යන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුකේ හටගැනීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
වාත සූත්‍රය නිමා විය.
207. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘මේක මගේ, මේක තමයි මම, මේක මගේ ආත්මය’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙන තමයි භික්ෂූන් මතකයේ රඳවා ගන්නේ.”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැස ගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මේක මගේ, මේක තමයි මම, මේක මගේ ආත්මය’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මේක මගේ, මේක තමයි මම, මේක මගේ ආත්මය’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මේක මගේ, මේක තමයි මම, මේක මගේ ආත්මය’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මේක මගේ, මේක තමයි මම, මේක මගේ ආත්මය’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද? ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මේක මගේ, මේක තමයි මම, මේක මගේ ආත්මය’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුකේ හටගැනීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
ඒතං මම සූත්‍රය නිමා විය.
208. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘ආත්මය එයයි. ලෝකය එයයි. ඒ මම පරලොවදී නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙන තමයි භික්ෂූන් මතකයේ රඳවා ගන්නේ.”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැස ගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ආත්මය එයයි. ලෝකය එයයි. ඒ මම පරලොවදී නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා, කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ආත්මය එයයි. ලෝකය එයයි. ඒ මම පරලොවදී නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ආත්මය එයයි. ලෝකය එයයි. ඒ මම පරලොවදී නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” ස්වාමීනි, අනිත්‍යයි”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ආත්මය එයයි. ලෝකය එයයි. ඒ මම පරලොවදී නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ආත්මය එයයි. ලෝකය එයයි. ඒ මම පරලොවදී නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස් වන ස්වභාවයට පත්වන කෙනෙක් වෙනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. …. (පෙ) …. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
සෝ අත්තා සූත්‍රය නිමා විය.
209. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘ඉදින් මං හිටියේ නැත්නම්, මා හට නොවන්නේ ය. මං අනාගතයේ නැත්නම්, අනාගතයේද මට නොවන්නේ ය’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි. …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ඉදින් මං හිටියේ නැත්නම්, මා හට නොවන්නේ ය. මං අනාගතයේ නැත්නම්, අනාගතයේ ද මට නොවන්නේ ය’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ඉදින් මං හිටියේ නැත්නම්, මා හට නොවන්නේ ය. මං අනාගතයේ නැත්නම්, අනාගතයේද මට නොවන්නේ ය’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ඉදින් මං හිටියේ නැත්නම්, මා හට නොවන්නේ ය. මං අනාගතයේ නැත්නම්, අනාගතයේද මට නො වන්නේ ය’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ඉදින් මං හිටියේ නැත්නම්, මා හට නොවන්නේ ය. මං අනාගතයේ නැත්නම්, අනාගතයේද මට නොවන්නේ ය’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. …. (පෙ) …. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
නෝ ච මේ සියා සූත්‍රය නිමා විය.
210. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘දීමෙහි විපාක නැත. පුදපුජාවන්වල විපාක නැත. ඇප උපස්ථාන සේවා ආදියෙහි විපාක නැත. කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත. මෙලොව නැත. පරලොවක් නැත. (විශේෂයෙන් සැළකිය යුතු) මවක් නැත. (විශේෂයෙන් සැළකිය යුතු) පියෙක් නැත. ඕපපාතික සත්වයන් නැත. ලෝකයෙහි යහපත් මගෙහි ගමන් කළ, යහපත් ප්‍රතිපදාවෙන් යුතුව මේ ලෝකයත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් ම අවබෝධ කොට ප්‍රකාශ කරන්නා වූ යම් ශ්‍රමණ බමුණන්ද නැත. සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ පුරුෂයා යම් දවසක කළුරිය කළෝතින් පඨවි ධාතුව, පඨවි ධාතුවට එකතු වෙනවා. අපෝ ධාතුව, ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුව, තේජෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුව, වායෝ ධාතුවට එකතු වෙනවා. ඉන්ද්‍රියයන් අහස කරා යනවා. මිනී ඇඳ පස් වෙනුවට තබා ගත් පුරුෂයන් මළ සිරුර රැගෙන යනවා. ගුණ ගායනය තියෙන්නේ ආදාහනය දක්වා විතරයි. ඇට ටික පරවිපැහැ ගැන්වෙනවා. හෝම පූජාවන් අළු වලින් අවසන් වෙනවා. දානය කියා කියන්නේ අඥානයින් පණවා ගත්තු දෙයක්. යම් කිසි කෙනෙක් ඕවා තියෙනවා කියලා කියනවා නම්, ඒවා ඔවුන්ගේ තුච්ඡ වූ බොරු ප්‍රලාප විතරයි. අඥාන උදවියත්, නුවණැති උදවියත් කය බිඳුණට පස්සේ උච්ඡේදයට පත්වෙනවා. වැනසිලා යනවා. මරණින් මතු පැවැත්මක් නෑ’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘දීමෙහි විපාක නැත. පුදපුජාවන්වල විපාක නැත …. (පෙ) …. කය බිඳුණට පස්සේ උච්ඡේදයට පත්වෙනවා. වැනසිලා යනවා. මරණින් මතු පැවැත්මක් නෑ’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘දීමෙහි විපාක නැත. පුදපුජාවන්වල විපාක නැත …. (පෙ) …. කය බිඳුණට පස්සේ උච්ඡේදයට පත්වෙනවා. වැනසිලා යනවා. මරණින් මතු පැවැත්මක් නෑ’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘දීමෙහි විපාක නැත. පුදපුජාවන්වල විපාක නැත …. (පෙ) …. කය බිඳුණට පස්සේ උච්ඡේදයට පත්වෙනවා. වැනසිලා යනවා. මරණින් මතු පැවැත්මක් නෑ’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) ….”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘දීමෙහි විපාක නැත. පුදපුජාවන්වල විපාක නැත …. (පෙ) ….. කය බිඳුණට පස්සේ උච්ඡේදයට පත්වෙනවා. වැනසිලා යනවා. මරණින් මතු පැවැත්මක් නෑ’ කියලා. ස්වාමීනි, එය නොවේ ම යි.”
“යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘දීමෙහි විපාක නැත. පුදපුජාවන්වල විපාක නැත. ඇප උපස්ථාන සේවා ආදියෙහි විපාක නැත. කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත. මෙලොව නැත. පරලොවක් නැත. (විශේෂයෙන් සැළකිය යුතු) මවක් නැත. (විශේෂයෙන් සැළකිය යුතු) පියෙක් නැත. ඕපපාතික සත්වයන් නැත. ලෝකයෙහි යහපත් මගෙහි ගමන් කළ, යහපත් ප්‍රතිපදාවෙන් යුතුව මේ ලෝකයත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් ම අවබෝධ කොට ප්‍රකාශ කරන්නා වූ යම් ශ්‍රමණ බමුණන්ද නැත. සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ පුරුෂයා යම් දවසක කළුරිය කළෝතින් පඨවි ධාතුව, පඨවි ධාතුවට එකතු වෙනවා. අපෝ ධාතුව, ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුව, තේජෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුව, වායෝ ධාතුවට එකතු වෙනවා. ඉන්ද්‍රියයන් අහස කරා යනවා. මිනී ඇඳ පස් වෙනුවට තබා ගත් පුරුෂයන් මළ සිරුර රැගෙන යනවා. ගුණ ගායනය තියෙන්නේ ආදාහනය දක්වා විතරයි. ඇට ටික පරවිපැහැ ගැන්වෙනවා. හෝම පූජාවන් අළු වලින් අවසන් වෙනවා. දානය කියා කියන්නේ අඥානයින් පණවා ගත්තු දෙයක්. යම්කිසි කෙනෙක් ඕවා තියෙනවා කියලා කියනවා නම්, ඒවා ඔවුන්ගේ තුච්ඡ වූ බොරු ප්‍රලාප විතරයි. අඥාන උදවියත්, නුවණැති උදවියත් කය බිඳුණට පස්සේ උච්ඡේදයට පත්වෙනවා. වැනසිලා යනවා. මරණින් මතු පැවැත්මක් නෑ, කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. …. (පෙ) …. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
නත්ථි දින්න සූත්‍රය නිමා විය.
211. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත්පා සිඳින කෙනාට, අනුන්ගේ අත්පා සිඳවන කෙනාට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත්කරන කෙනාටත්, කරවන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, වෙහෙසවන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, මරවන කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, සොරකම් කරවන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, බිඳවන කෙනාටත්, මං පහරන කෙනාටත්, මං පහරවන කෙනාටත්, එක් ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟ රැක සිට කොල්ලකන කෙනාටත්, පරස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් නොකෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස්ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් වනසමින්, ඝාතනය කරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත් ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් දන් දෙමින්, දෙවමින් යාග කරමින්, යාග කරවමින් උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පිනක් නෑ. පිනෙහි නැවත පැමිණීමක් නෑ. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීලසංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට …. (පෙ) …. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීලසංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට …. (පෙ) …. සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….”
“එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට …. (පෙ) …. පිනක ආපසු පැමිණීමක් නෑ’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත්පා සිඳින කෙනාට, අනුන්ගේ අත්පා සිඳවන කෙනාට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත්කරන කෙනාටත්, කරවන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, වෙහෙසවන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, මරවන කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, සොරකම් කරවන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, බිඳවන කෙනාටත්, මං පහරන කෙනාටත්, මං පහරවන කෙනාටත්, එක් ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟරැක සිට කොල්ලකන කෙනාටත්, පරස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් නොකෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස්ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් වනසමින්, ඝාතනය කරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත් ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් දන් දෙමින්, දෙවමින් යාග කරමින්, යාග කරවමින් උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පිනක් නෑ. පිනෙහි නැවත පැමිණීමක් නෑ. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීලසංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුකේ හටගැනීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
කරතෝ සූත්‍රය නිමා විය.
212. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘සත්වයන්ගේ කිළුටු වීමට හේතුවන දේවල් නැත. උපකාර වන දේවල් නැත. හේතු රහිතව ම, ප්‍රත්‍ය රහිතව ම සත්වයන් කෙලෙසී යනවා. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතු වන දේවල් නැත. උපකාර වන දේවල් නැත. හේතු රහිතව ම, ප්‍රත්‍ය රහිතව ම සත්වයන් පිරිසිදු වෙනවා. කායික මානසිකව පවතින බලයක් නැත. වීරියක් නැත. පුරුෂ වීරිය කියා දෙයක් නැත. පුරුෂ පරාක්‍රමය කියා දෙයක් නැත. සියලු සත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයින්, සියලු ජීවින්, ඉන්නේ තමන්ගේ පාලනයෙන් තොරවයි. බල රහිතවයි. වීරිය රහිතවයි. නියත වශයෙන් ම සසර සැරිසැරීමෙන් මෝරලා යනවා. අභිජාති හය තුළ තමයි ඔවුන් සැප දුක් විඳින්නේ’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘සත්වයන්ගේ කිළුටු වීමට හේතුවන දේවල් නැත. උපකාර වන දේවල් නැත …. (පෙ) …. අභිජාති හය තුළ තමයි ඔවුන් සැප දුක් විඳින්නේ, කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘සත්වයන්ගේ කිළුටු වීමට හේතුවන දේවල් නැත. උපකාර වන දේවල් නැත …. (පෙ) …. අභිජාති හය තුළ තමයි ඔවුන් සැප දුක් විඳින්නේ’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘සත්වයන්ගේ කිළුටු වීමට හේතුවන දේවල් නැත. උපකාර වන දේවල් නැත …. (පෙ) …. අභිජාති හය තුළ තමයි ඔවුන් සැප දුක් විඳින්නේ’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘සත්වයන්ගේ කිළුටු වීමට හේතු වන දේවල් නැත. උපකාර වන දේවල් නැත. හේතු රහිතව ම, ප්‍රත්‍ය රහිතව ම සත්වයන් කෙලෙසී යනවා. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතු වන දේවල් නැත. උපකාර වන දේවල් නැත. හේතු රහිතව ම, ප්‍රත්‍ය රහිතව ම සත්වයන් පිරිසිදු වෙනවා. කායික මානසිකව පවතින බලයක් නැත. වීරියක් නැත. පුරුෂ වීරිය කියා දෙයක් නැත. පුරුෂ පරාක්‍රමය කියා දෙයක් නැත. සියලු සත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයින්, සියලු ජීවීන්, ඉන්නේ තමන්ගේ පාලනයෙන් තොරවයි. බල රහිතවයි. වීරිය රහිතවයි. නියත වශයෙන් ම සසර සැරිසැරීමෙන් මෝරලා යනවා. අභිජාති හය තුළ තමයි ඔවුන් සැප දුක් විඳින්නේ’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. …. (පෙ) …. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
හේතු සූත්‍රය නිමා විය.
213. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘මේ කාය හතක් තියෙනවා. ඒව කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකාස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ.
ඒ සප්ත කාය කුමක්ද? පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සැප, දුක හා ජීව යන හතයි. මේ තමයි සප්ත කාය. මේවා කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකාස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ. යම් කෙනෙක් තියුණු ආයුධයක් ගෙන තව කෙනෙකුගේ හිස සින්ඳොත්, කවුරුවත්, කාගෙවත් ජීවිතය තොර කළේ නෑ. අර සප්තකාය අතරින් ආයුධය සිදුරු කරගෙන ගියා විතරයි.
මේ ප්‍රධාන යෝනි (උප්පත්ති ස්ථාන) දාහතරලක්ෂයක් තියෙනවා. තවත් යෝනි හයදාහක් තියෙනවා. තව හයසියයකුත් තියෙනවා. කර්ම පන්සියයක් තියෙනවා. තව කර්ම පහක් තියෙනවා. තව කර්ම තුනකුත් තියෙනවා. සම්පූර්ණ කර්මත්, අර්ධ කර්මත් තියෙනවා. ප්‍රතිපදා හැට දෙකක් තියෙනවා. අන්තර කල්ප හැට දෙකක් තියෙනවා. අභිජාති හයක් තියෙනවා. පුරුෂ භූමි අටක් තියෙනවා. ආජීවයන් එකසිය හතළිස් නවයක් තියෙනවා. පරිබ්‍රාජක පැවිදිකම් එකසිය හතළිස් නවයක් තියෙනවා. නාගයන්ගේ වාසස්ථාන එකසිය හතළිස් නවයක් තියෙනවා. ඉන්ද්‍රියයන් එකසිය විස්සක් තියෙනවා. නිරය එකසිය තිහක් තියෙනවා. රජෝධාතු තිස්හයක් තියෙනවා. සඤ්ඤී ගර්භ හතක් තියෙනවා. අසඤ්ඤී ගර්භ හතක් තියෙනවා. නිගණ්ඨ ගර්භ හතක් තියෙනවා. දේව ගර්භ හතක් තියෙනවා. මිනිස් ගර්භ හතක් තියෙනවා. පිසාච ගර්භ හතක් තියෙනවා. මහාවිල් හතක් තියෙනවා. මහා ගැට හතක් තියෙනවා. කුඩා ගැට හත් සියයක් තියෙනවා. ප්‍රපාත සියයක් තියෙනවා. කුඩා ප්‍රපාත හත්සියයක් තියෙනවා. මහා සිහින හතක් තියෙනවා. කුඩා සිහින හත්සියයක් තියෙනවා. අඥාන උදවියත් නුවණැති උදවියත් යන කවුරුත් කල්ප අසූහතර ලක්ෂයක් සංසාරේ සැරිසරලයි දුක් කෙලවර කරන්නේ.
එහි මේවා නෑ. ‘මං මේ සීලයෙන් හරි, ව්‍රතයෙන් හරි, තපසෙන් හරි, බ්‍රහ්මචාරී ජීවිතයෙන් හරි, නොමේරූ කර්මයන් මුහුකුරුවන්නෙමියි කියලා හෝ මේරූ කර්මයන් විඳව විඳවා කෙලවර කරන්නෙමියි කියලා කියනවා නම් එහෙම දෙයක් නෑ. ඔය සැප දුක් කියන්නේ ද්‍රෝණයකින් මැනලා තියෙන දෙයක් වගේ. සංසාරය කෙලවර වෙන්නේ ඒ විදිහටයි. සසරේ පිරිහීමකුත් නෑ. වැඩීමකුත් නෑ. නැගීමකුත් නෑ. බැසීමකුත් නෑ. ඒක හරියට ඈතට වීසි කරපු නූල් බෝලයක් වගේ. ඒ නූල එතිලා තියෙන ප්‍රමාණයටයි ලෙහි ලෙහී යන්නේ. අන්න ඒ වගේ තමයි අඥාන උදවියත්, පණ්ඩිත උදවියත් ලෙහි ලෙහී යමින් සැප දුක් විඳනවා’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මේ කාය හතක් තියෙනවා. ඒවා කවුරුවත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි …. (පෙ) …. සැප දුක් විඳිනවා, කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මේ කාය හතක් තියෙනවා. ඒවා කවුරුවත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි …. (පෙ) …. සැප දුක් විඳිනවා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) ….”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මේ කාය හතක් තියෙනවා. ඒව කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකාස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ.
ඒ සප්ත කාය කුමක්ද? පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සැප, දුක හා ජීව යන හතයි. මේ තමයි සප්ත කාය. මේවා කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකාස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ. යම් කෙනෙක් තියුණු ආයුධයක් ගෙන තව කෙනෙකු ගේ හිස සින්ඳොත්, කවුරුවත්, කාගෙවත් ජීවිතය තොර කළේ නෑ. අර සප්තකාය අතරින් ආයුධය සිදුරු කරගෙන ගියා විතරයි.
මේ ප්‍රධාන යෝනි (උප්පත්ති ස්ථාන) දාහතරලක්ෂයක් තියෙනවා. තවත් යෝනි හයදාහක් තියෙනවා. තව හයසියයකුත් තියෙනවා. කර්ම පන්සියයක් තියෙනවා. තව කර්ම පහක් තියෙනවා. තව කර්ම තුනකුත් තියෙනවා. සම්පූර්ණ කර්මත්, අර්ධ කර්මත් තියෙනවා. ප්‍රතිපදා හැට දෙකක් තියෙනවා. අන්තර කල්ප හැට දෙකක් තියෙනවා. අභිජාති හයක් තියෙනවා. පුරුෂ භූමි අටක් තියෙනවා. ආජීවයන් එකසිය හතළිස් නවයක් තියෙනවා. පරිබ්‍රාජක පැවිදිකම් එකසිය හතළිස් නවයක් තියෙනවා. නාගයන්ගේ වාසස්ථාන එකසිය හතළිස් නවයක් තියෙනවා. ඉන්ද්‍රියයන් එකසිය විස්සක් තියෙනවා. නිරය එකසිය තිහක් තියෙනවා. රජෝධාතු තිස්හයක් තියෙනවා. සඤ්ඤී ගර්භ හතක් තියෙනවා. අසඤ්ඤී ගර්භ හතක් තියෙනවා. නිගණ්ඨ ගර්භ හතක් තියෙනවා. දේව ගර්භ හතක් තියෙනවා. මිනිස් ගර්භ හතක් තියෙනවා. පිසාච ගර්භ හතක් තියෙනවා. මහාවිල් හතක් තියෙනවා. මහා ගැට හතක් තියෙනවා. කුඩා ගැට හත් සියයක් තියෙනවා. ප්‍රපාත සියයක් තියෙනවා. කුඩා ප්‍රපාත හත්සියයක් තියෙනවා. මහා සිහින හතක් තියෙනවා. කුඩා සිහින හත්සියයක් තියෙනවා. අඥාන උදවියත් නුවණැති උදවියත් යන කවුරුත් කල්ප අසූහතර ලක්ෂයක් සංසාරේ සැරිසරලයි දුක් කෙලවර කරන්නේ.
එහි මේවා නෑ. ‘මං මේ සීලයෙන් හරි, ව්‍රතයෙන් හරි, තපසෙන් හරි, බ්‍රහ්මචාරී ජීවිතයෙන් හරි, නොමේරූ කර්මයන් මුහුකුරුවන්නෙමියි කියලා හෝ මේරූ කර්මයන් විඳව විඳවා කෙලවර කරන්නෙමියි කියලා කියනවා නම් එහෙම දෙයක් නෑ. ඔය සැප දුක් කියන්නේ ද්‍රෝණයකින් මැනලා තියෙන දෙයක් වගේ. සංසාරය කෙලවර වෙන්නේ ඒ විදිහටයි. සසරේ පිරිහීමකුත් නෑ. වැඩීමකුත් නෑ. නැගීමකුත් නෑ. බැසීමකුත් නෑ. ඒක හරියට ඈතට වීසි කරපු නූල් බෝලයක් වගේ. ඒ නූල එතිලා තියෙන ප්‍රමාණයටයි ලෙහි ලෙහී යන්නේ. අන්න ඒ වගේ තමයි අඥාන උදවියත්, පණ්ඩිත උදවියත් ලෙහි ලෙහී යමින් සැප දුක් විඳනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘මේ කාය හතක් තියෙනවා. ඒව කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකාස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ.
ඒ සප්ත කාය කුමක්ද? පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සැප, දුක හා ජීව යන හතයි. මේ තමයි සප්ත කාය. මේවා කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකාස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ. යම් කෙනෙක් තියුණු ආයුධයක් ගෙන තව කෙනෙකුගේ හිස සින්ඳොත්, කවුරුවත්, කාගෙවත් ජීවිතය තොර කළේ නෑ. අර සප්තකාය අතරින් ආයුධය සිදුරු කරගෙන ගියා විතරයි.
මේ ප්‍රධාන යෝනි (උප්පත්ති ස්ථාන) දාහතරලක්ෂයක් තියෙනවා. තවත් යෝනි හයදාහක් තියෙනවා. තව හයසියයකුත් තියෙනවා. කර්ම පන්සියයක් තියෙනවා. තව කර්ම පහක් තියෙනවා. තව කර්ම තුනකුත් තියෙනවා. සම්පූර්ණ කර්මත්, අර්ධ කර්මත් තියෙනවා. ප්‍රතිපදා හැට දෙකක් තියෙනවා. අන්තර කල්ප හැට දෙකක් තියෙනවා. අභිජාති හයක් තියෙනවා. පුරුෂ භූමි අටක් තියෙනවා. ආජීවයන් එකසිය හතළිස් නවයක් තියෙනවා. පරිබ්‍රාජක පැවිදිකම් එකසිය හතළිස් නවයක් තියෙනවා. නාගයන්ගේ වාසස්ථාන එකසිය හතළිස් නවයක් තියෙනවා. ඉන්ද්‍රියයන් එකසිය විස්සක් තියෙනවා. නිරය එකසිය තිහක් තියෙනවා. රජෝධාතු තිස්හයක් තියෙනවා. සඤ්ඤී ගර්භ හතක් තියෙනවා. අසඤ්ඤී ගර්භ හතක් තියෙනවා. නිගණ්ඨ ගර්භ හතක් තියෙනවා. දේව ගර්භ හතක් තියෙනවා. මිනිස් ගර්භ හතක් තියෙනවා. පිසාච ගර්භ හතක් තියෙනවා. මහාවිල් හතක් තියෙනවා. මහා ගැට හතක් තියෙනවා. කුඩා ගැට හත් සියයක් තියෙනවා. ප්‍රපාත සියයක් තියෙනවා. කුඩා ප්‍රපාත හත්සියයක් තියෙනවා. මහා සිහින හතක් තියෙනවා. කුඩා සිහින හත්සියයක් තියෙනවා. අඥාන උදවියත් නුවණැති උදවියත් යන කවුරුත් කල්ප අසූහතර ලක්ෂයක් සංසාරේ සැරිසරලයි දුක් කෙලවර කරන්නේ.
එහි මේවා නෑ. ‘මං මේ සීලයෙන් හරි, ව්‍රතයෙන් හරි, තපසෙන් හරි, බ්‍රහ්මචාරී ජීවිතයෙන් හරි, නොමේරූ කර්මයන් මුහුකුරුවන්නෙමියි කියලා හෝ මේරූ කර්මයන් විඳව විඳවා කෙලවර කරන්නෙමියි කියලා කියනවා නම් එහෙම දෙයක් නෑ. ඔය සැප දුක් කියන්නේ ද්‍රෝණයකින් මැනලා තියෙන දෙයක් වගේ. සංසාරය කෙලවර වෙන්නේ ඒ විදිහටයි. සසරේ පිරිහීමකුත් නෑ. වැඩීමකුත් නෑ. නැගීමකුත් නෑ. බැසීමකුත් නෑ. ඒක හරියට ඈතට වීසි කරපු නූල් බෝලයක් වගේ. ඒ නූල එතිලා තියෙන ප්‍රමාණයටයි ලෙහි ලෙහී යන්නේ. අන්න ඒ වගේ තමයි අඥාන උදවියත්, පණ්ඩිත උදවියත් ලෙහි ලෙහී යමින් සැප දුක් විඳනවා’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. …. (පෙ) …. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
මහා දිට්ඨි සූත්‍රය නිමා විය.
214. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘ලෝකය සදාකාලික දෙයකි’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කර ගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය සදාකාලික දෙයකි’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය සදාකාලික දෙයකි’ කියලා.”
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය සදාකාලික දෙයකි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) ….”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය සදාකාලික දෙයකි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුකේ හටගැනීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
සස්සතලෝක සූත්‍රය නිමා විය.
215. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘ලෝකය සදාකාලික නොවන දෙයකි’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය සදාකාලික නොවන දෙයකි’ කියලා. විඳීම තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි. …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය සදාකාලික නොවන දෙයකි’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය සදාකාලික නොවන දෙයකි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” “ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය සදාකාලික නොවන දෙයකි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
අසස්සතලෝක සූත්‍රය නිමා විය.
216. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘ලෝකය කෙළවර සහිතයි’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය කෙළවර සහිතයි, කියලා. විඳීම තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි. …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය කෙළවර සහිතයි’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය කෙළවර සහිතයි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය කෙළවර සහිතයි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
අන්තවා සූත්‍රය නිමා විය.
217. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘ලෝකය කෙළවර රහිතයි’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය කෙළවර රහිතයි’ කියලා. විඳීම තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි. …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ලෝකය කෙළවර රහිතයි’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය කෙළවර රහිතයි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?”…. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ලෝකය කෙළවර රහිතයි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
අනන්තවා සූත්‍රය නිමා විය.
218. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘එයමයි ජීවය, එය ම යි ශරීරයත්’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘එය ම යි ජීවය, එය ම යි ශරීරයත්’ කියලා. විඳීම තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි. …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘එය ම යි ජීවය, එය ම යි ශරීරයත්’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘එය ම යි ජීවය, එය ම යි ශරීරයත්’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘එය ම යි ජීවය, එය ම යි ශරීරයත්’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
තං ජීවං තං සරීරං සූත්‍රය නිමා විය.
219. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘ජීවය අනෙකකි, ශරීරය අනෙකකි’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි. …. (පෙ) …. විඳීම තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි. …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘ජීවය අනෙකකි, ශරීරය අනෙකකි’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක් ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘ජීවය අනෙකකි, ශරීරය අනෙකකි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද? …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද ‘ජීවය අනෙකකි, ශරීරය අනෙකකි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සූත්‍රය නිමා විය.
220. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) ….
පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති’ කියලා. විඳීම තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද? …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
හෝති තථාගත සූත්‍රය නිමා විය.
221. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැස ගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද? …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
න හෝති තථාගත සූත්‍රය නිමා විය.
222. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති, නොසිටිති’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති, නොසිටිති’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති, නොසිටිති’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති, නොසිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘රහතන් වහන්සේ මරණින් මතු සිටිති, නොසිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ …. (පෙ) …. නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
හෝති ච න ච හෝති තථාගත සූත්‍රය නිමා විය.
223. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ? ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. …. (පෙ) ….”
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.”
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එයට බැඳීමක් නැතුව, ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද? ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. යම් මේ දැකගන්නා ලද දෙයක් ඇද්ද, අසනා ලද දෙයක් ඇද්ද, දැනගත් ගඳ සුවඳක් ඇද්ද, විඳින ලද රසයක් ඇද්ද, දැනගත් පහසක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, පතන ලද දෙයක් ඇද්ද, සොයන ලද දෙයක් ඇද්ද, මනසින් හසුරුවන ලද යමක් ඇද්ද, එය පවා නිත්‍යයිද? අනිත්‍යයිද?” …. (පෙ) …. ඔය විදිහේ දෘෂ්ටියක් උපදීවිද ‘රහතන් වහන්සේ මරණින් මතු නොසිටිති, නොම නොසිටිති’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”
“පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තුළ මේ (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්තපරියේසිත, අනුවිචරිත යන) සය තැන පිළිබඳව ම සැකය ප්‍රහීණ වෙලා ගියා නම් ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුකේ හටගැනීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම ගැන ඇති සැකයයි. ඔහුට ප්‍රහීණ වෙලා ගියේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඇති සැකයයි. පින්වත් මහණෙනි, මොහුට කියන්නේ සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම නිවන අවබෝධ කරගන්නා වූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
නේව හෝති න හෝති තථාගත සූත්‍රය නිමා විය.
පළවෙනි සෝතාපත්ති වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
වාත සූත්‍රය, ඒතංමම සූත්‍රය, සෝඅත්තා සූත්‍රය, නෝ ච මේසියා සූත්‍රය, නත්ථිදින්නං සූත්‍රය, කරතෝ සූත්‍රය, හේතු සූත්‍රය, මහාදිට්ඨි සූත්‍රය, අටවැන්නයි. සස්සතෝ ලෝකෝ සූත්‍රය, අසස්සතෝ ලෝකෝ සූත්‍රය, අන්තවා ලෝකෝ සූත්‍රය, අනන්තවා ලෝකෝ සූත්‍රය, තං ජීවං තං සරීරං සූත්‍රය, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සූත්‍රය, හෝති තථාගත සූත්‍රය, න හෝති තථාගත සූත්‍රය, හෝති ච න ච හෝති තථාගත සූත්‍රය, නේව හෝති න න හෝති තථාගත සූත්‍රය යන මේ දෙසුම්වලින් මේ වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M