276-300. සැවැත් නුවර දී …………………
“පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ ‘(එහි) සුළං හමන්නේ නෑ. ගංගාවන් ගලා බසින්නේ නෑ. ගර්භණීන් දරුවන් වදන්නේ නෑ. හිරු සඳු උදාවෙන්නේ නෑ. බැසයන්නෙත් නෑ. ඒ හැමදෙයක් ම නොසෙල්වෙන ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මය තිබෙන්නේ …. (පෙ) ….
“පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුනොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘(එහි) සුළං හමන්නේ නෑ …. (පෙ) …. ඒසිකා ස්ථම්භයක් වගේ තියෙනවා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම්, එය ‘මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනී, එය සුදුසු නෑ ම යි.”
“එනිසා පින්වත් මහණෙනි, යම්කිසි රූපයක් අතීත, අනාගත වර්තමාන …. (පෙ) …. දියුණු කළ ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. යම්කිසි විඳීමක් …. (පෙ) …. යම්කිසි සඤ්ඤාවක් …. (පෙ) …. යම්කිසි සංස්කාරයක් …. (පෙ) …. යම්කිසි විඤ්ඤාණයක් අතීත අනාගත වර්තමාන …. (පෙ) …. දියුණු කළ ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, ඔය විදිහට දකින විට …. (පෙ) …. ආයෙත් නම් උපතක් නැතැයි අවබෝධ කරගන්නවා.”
(සූත්‍ර විසිපහම විස්තර කළ යුත්තේ ඔය ආකාරයටයි)
සාදු! සාදු!! සාදු!!!
301. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, කුමක් තිබුණොත්ද, කුමකට බැඳීමෙන්ද, කවර දෙයක බැසගැනීමෙන්ද මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වු ආත්මයක් තියෙනවා’ කියලා.” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මය තිබෙන්නේ …. (පෙ) ….
පින්වත් මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපයට බැඳුණොත් තමයි, රූපයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වු ආත්මයක් තියෙනවා’ කියලා. විඳීම තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාව තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණය තිබුණොත් තමයි, විඤ්ඤාණයට බැඳුණොත් තමයි, විඤ්ඤාණයෙහි බැසගත්තොත් තමයි ඔය වගේ දෘෂ්ටියක් උපදින්නේ. ‘මරණින් මතු ආරෝග්‍ය වූ සැපදුක් රහිත වූ ආත්මයක් තියෙනවා’ කියලා. …. (පෙ) …. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනී, අනිත්‍යයි. …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ‘එය මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? …. (පෙ) …. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම්, ‘එය මගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනී, එය සුදුසු නෑ ම යි.”
“එනිසා පින්වත් මහණෙනි, යම්කිසි රූපයක් අතීත, අනාගත, වර්තමාන …. (පෙ) …. දියුණු කළ ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. යම්කිසි විඳීමක් …. (පෙ) …. යම්කිසි සඤ්ඤාවක් …. (පෙ) …. යම්කිසි සංස්කාරයක් …. (පෙ) …. යම්කිසි විඤ්ඤාණයක් අතීත, අනාගත, වර්තමාන …. (පෙ) …. දියුණු කළ ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොට ම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය නිමා විය.
හතරවෙනි චතුත්ථගමන වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
වාත සූත්‍රය, ඒතං මම සූත්‍රය, සෝ අත්තා සූත්‍රය, නෝ ච මේසියා සූත්‍රය, නත්ථිදින්නං සූත්‍රය, කරතෝ සූත්‍රය, හේතු සූත්‍රය, මහාදිට්ඨි සූත්‍රය, අටවැන්නයි. සස්සතෝ ලෝකෝ සූත්‍රය, අසස්සතෝ ලෝකෝ සූත්‍රය, අන්තවා ලෝකෝ සූත්‍රය, අනන්තවා ලෝකෝ සූත්‍රය, තං ජීවං තං සරීරං සූත්‍රය, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සූත්‍රය, හෝති තථාගත සූත්‍රය, න හෝති තථාගත සූත්‍රය, හෝති ච න ච හෝති තථාගත සුත්‍රය, නේව හෝති න න හෝති තථාගත සූත්‍රය, රූපී අත්තා සූත්‍රය, අරූපී අත්තා සුත්‍රය, රූපී ච අරූපී ච අත්තා සූත්‍රය, නේව රූපී නා රූපී අත්තා සූත්‍රය, ඒකන්තසුඛී අත්තා සූත්‍රය, ඒකන්තදුක්ඛී අත්තා සූත්‍රය, සුඛදුක්ඛී අත්තා සූත්‍රය, අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය යන මේ දෙසුම් විසිහයෙන් දෙවෙනි වර්ගය සමන්විතයි.
දිට්ඨි සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M