සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.3.1. මාර සුත්තං

2.3.1. මාරයා ගැන වදාළ දෙසුම

182. සාවත්ථියං….

182. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. සාධු මේ භන්තේ, භගවා සංඛිත්‌තේන ධම්‌මං දේසේතු, යමහං භගවතෝ ධම්‌මං සුත්‌වා ඒකෝ වූපකට්‌ඨෝ අප්‌පමත්‌තෝ ආතාපී පහිතත්‌තෝ විහරෙය්‍යන්‌ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ මං භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරනවා නම් එබඳු වූ ධර්මයක් මා හට සංක්ෂේපයෙන් වදාරණ සේක්වා!”

යෝ ඛෝ රාධ, මාරෝ තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. කෝ ච රාධ, මාරෝ?

“පින්වත් රාධ, මාරයා යනු යමෙක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයා යනු කවුද?

රූපං ඛෝ රාධ, මාරෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං මාරෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. යෝ ඛෝ රාධ, මාරෝ තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

පින්වත් රාධ, මාරයා යනු රූපයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. මාරයා යනු විඤ්ඤාණයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයා යනු යමෙක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි.”

සාදු! සාදු!! සාදු!!!

මාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M