සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.3.2. මාරධම්ම සුත්තං

2.3.2. මාරයාට අයත් දෙය ගැන වදාළ දෙසුම

183. සාවත්ථියං….

183. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. සාධු මේ භන්තේ, භගවා සංඛිත්‌තේන ධම්‌මං දේසේතු, ….(පෙ)…. පහිතත්‌තෝ විහරෙය්‍යන්‌ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, …. (පෙ) …. කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරනවා නම් එබඳු වූ ධර්මයක් මා හට සංක්ෂේපයෙන් වදාරණ සේක්වා!”

යෝ ඛෝ රාධ, මාරධම්මෝ තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. කෝ ච රාධ, මාරධම්මෝ?

“පින්වත් රාධ, මාරයාට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයාට අයත් දෙය යනු කුමක්ද?

රූපං ඛෝ රාධ, මාරධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං මාරධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. යෝ ඛෝ රාධ, මාරධම්මෝ තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

පින්වත් රාධ, මාරයාට අයත් දෙය යනු රූපයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. මාරයාට අයත් දෙය යනු විඤ්ඤාණයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයට අයත් දෙය යනු යමෙක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි.”

සාදු! සාදු!! සාදු!!!

මාරධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M