සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.2.12. නිරෝධධම්ම සුත්තං

2.2.12. නිරුද්ධවන ස්වභාවයට අයත් දෙය ගැන වදාළ දෙසුම

181. සාවත්ථියං….

181. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. නිරෝධධම්මො නිරෝධධම්මෝති භන්තේ, වුච්‌චති. කතමෝ නු ඛෝ භන්තෙ,් නිරෝධධම්මෝති?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය’ කියලා කියනවා. ස්වාමීනි, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය කියලා කියන්නේ කවර දෙයකටද?”

රූපං ඛෝ රාධ, නිරෝධධම්මෝ, වේදනා නිරෝධධම්මෝ, සඤ්‌ඤා නිරෝධධම්මෝ, සංඛාරා නිරෝධධම්මෝ, විඤ්‌ඤාණං නිරෝධධම්මෝ. ඒවං පස්‌සං රාධ, සුතවා අරියසාවකෝ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“පින්වත් රාධ, රූපයයි නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය. විඳීමයි නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය. සඤ්ඤාවයි නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය. සංස්කාරයි නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය. විඤ්ඤාණයයි නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

නිරෝධධම්ම සූත්‍රය නිමා විය.

දුතියෝ මාර වග්ගෝ.

දෙවෙනි මාර වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං –

එහි පිළිවෙල උද්දානයයි :

මාරෝ ච මාරධම්මෝ ච, අනිච්චේන පරේ දුවේ.
දුක්ඛේන ච දුවේ වුත්‌තා, අනත්‌තේන තථේවච.
ඛයවයසමුදයධම්මා, නිරෝධධම්‌මෙන ද්‌වාදසාති.

මාර සූත්‍රය, මාරධම්ම සූත්‍රය, අනිච්ච සුත්‍ර දෙක, දුක්ඛ සූත්‍ර දෙක, එමෙන් ම අනත්ත සූත්‍ර දෙක, ඛයධම්ම සූත්‍රය, වයධම්ම සූත්‍රය, සමුදයධම්ම සුත්‍රය, නිරෝධධම්ම සූත්‍රය, යන දෙසුම් දොළොසකින් මේ වර්ගය සමන්විත වේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M