180. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘හටගන්නා ස්වභාවයට අයත් දෙය, හට ගන්නා ස්වභාවයට අයත් දෙය’ කියලා කියනවා. ස්වාමීනි, හටගන්නා ස්වභාවයට අයත් දෙය කියලා කියන්නේ කවර දෙයකටද?”
“පින්වත් රාධ, රූපයයි හටගන්නා ස්වභාවයට අයත් දෙය. විඳීමයි හටගන්නා ස්වභාවයට අයත් දෙය. සඤ්ඤාවයි හටගන්නා ස්වභාවයට අයත් දෙය. සංස්කාරයි හටගන්නා ස්වභාවයට අයත් දෙය. විඤ්ඤාණයයි හටගන්නා ස්වභාවයට අයත් දෙය. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
වයධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M