සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.2.3. අනිච්ච සුත්තං

2.2.3. අනිත්‍යය ගැන වදාළ දෙසුම

172. සාවත්ථියං…..

172. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. අනිච්‌චං අනිච්‌චන්‌ති භන්තේ, වුච්‌චති. කතමන්නු ඛෝ භන්තේ, අනිච්‌චන්‌ති?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘අනිත්‍යයි, අනිත්‍යයි’ කියලා කියනවා. ස්වාමීනි, අනිත්‍යය කියන්නේ කවර දෙයකටද?”

රූපං ඛෝ රාධ, අනිච්‌චං, වේදනා අනිච්‌චා, සඤ්‌ඤා අනිච්‌චා, සංඛාරා අනිච්‌චා, විඤ්‌ඤාණං අනිච්‌චං. ඒවං පස්‌සං රාධ, සුතවා අරියසාවකෝ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“පින්වත් රාධ, රූපය අනිත්‍යයි. විඳීම අනිත්‍යයි. සඤ්ඤාව අනිත්‍යයි. සංස්කාර අනිත්‍යයි. විඤ්ඤාණය අනිත්‍යයි. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

අනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M