☰
171. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘මාරයාට අයත් දෙය, මාරයාට අයත් දෙය’ යැයි කියනවා. ස්වාමීනි, මාරයාට අයත් දෙය කියන්නේ කවර දෙයකටද?”
“පින්වත් රාධ, රූපය යනු මාරයාට අයත් දෙයයි. විඳීම යනු මාරයාට අයත් දෙයයි. සඤ්ඤාව යනු මාරයාට අයත් දෙයයි. සංස්කාර යනු මාරයාට අයත් දෙයයි. විඤ්ඤාණය යනු මාරයාට අයත් දෙයයි. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
මාරධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M