සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.2.1. මාර සුත්තං

2.2.1. මාරයා ගැන වදාළ දෙසුම

170. සාවත්ථියං….

170. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. මාරෝ මාරෝති භන්තේ, වුච්‌චති. කතමෝ නු ඛෝ භන්තේ, මාරෝති?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘මාරයා, මාරයා’ යැයි කියනවා. ස්වාමීනි, මාරයා කියන්නේ කවුද?”

රූපං ඛෝ රාධ, මාරෝ, වේදනා මාරෝ, සඤ්‌ඤා මාරෝ, සංඛාරා මාරෝ, විඤ්‌ඤාණං මාරෝ. ඒවං පස්‌සං රාධ, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“පින්වත් රාධ, රූපය යනු මාරයා ය. විඳීම යනු මාරයා ය. සඤ්ඤාව යනු මාරයා ය. සංස්කාර යනු මාරයා ය. විඤ්ඤාණය යනු මාරයා ය. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොට ම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසරවාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.

සාදු! සාදු!! සාදු!!!

මාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M