169. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩි වී සිටි ආයුෂ්මත් රාධ තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.
“පින්වත් රාධ, රූපය පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කර ගැනීමක්, එහි ගැලී සිටීමක්, චිත්තාභ්‍යන්තරයෙහි පැවැත්වීමක් ඇද්ද අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ රූපය ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත්වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ.
විඳීම පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, එහි ගැලී සිටීමක්, චිත්තාභ්‍යන්තරයෙහි පැවැත්වීමක් ඇද්ද අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ විඳීම ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත්වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ. සඤ්ඤාව පිළිබඳව …. (පෙ) …. සංස්කාර පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, එහි ගැලී සිටීමක්, චිත්තාභ්‍යන්තරයෙහි පැවැත්වීමක් ඇද්ද අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ සංස්කාර ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත්වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ. විඤ්ඤාණය පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, එහි ගැලී සිටීමක්, චිත්තාභ්‍යන්තරයෙහි පැවැත්වීමක් ඇද්ද අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ විඳීම ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත්වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය ඡන්දරාග සූත්‍රය නිමා විය.
පළමුවෙනි මාර වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
මාර සූත්‍රය, සත්ත සූත්‍රය, භවනෙත්ති සූත්‍රය, පරිඤ්ඤෙය්‍ය සූත්‍රය, සමණ සූත්‍ර දෙක, සෝතාපන්න සූත්‍රය, අරහන්ත සූත්‍රය, ඡන්දරාග සූත්‍ර දෙක යන මෙයින් මේ වර්ගය සමන්විත වේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M