සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.1.9. ඡන්දරාග සුත්තං

2.1.9. ඡන්දරාගය ගැන වදාළ දෙසුම

168. සාවත්ථියං….

168. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං රාධං භගවා ඒතදවෝච. රූපේ ඛෝ රාධ, යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං තං රූපං පහීනං භවිස්‌සති උච්‌ඡින්‌නමූලං තාලාවත්‌ථුකතං අනභාවකතං ආයතිං අනුප්‌පාදධම්‌මං. වේදනාය යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං සා වේදනා පහීනා භවිස්‌සති උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං තේ සංඛාරා පහීනා භවිස්‌සන්‌ති උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා. විඤ්ඤාණේ යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං තං විඤ්‌ඤාණං පහීනං භවිස්‌සති උච්‌ඡින්‌නමූලං තාලාවත්‌ථුකතං අනභාවකතං ආයතිං අනුප්‌පාදධම්‌මන්ති.

එකත්පස්ව වාඩි වී සිටි ආයුෂ්මත් රාධ තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් රාධ, රූපය පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ රූපය ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත් වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ.

විඳීම පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ විඳීම ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත්වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ. සඤ්ඤාව පිළිබඳව …. (පෙ) …. සංස්කාර පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ සංස්කාර ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත්වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ. විඤ්ඤාණය පිළිබඳව යම් කැමැත්තක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, අන්න එය දුරු කර දමන්න. ඒ විදිහට තමයි ඒ විඤ්ඤාණය ප්‍රහාණය වෙලා යන්නේ. මුලින් ම සිඳිලා යන්නේ. කරටිය කැඩුණු තල් ගසක් වගේ වෙන්නේ. අභාවයට පත්වෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

ඡන්දරාග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M