167. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩි වී සිටි ආයුෂ්මත් රාධ තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් රාධ, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. මොනවාද ඒ පහ? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයයි …. (පෙ) …. විඤ්ඤාණ උපාදානස්කන්ධයයි.”
“පින්වත් රාධ, යම් කලෙක භික්ෂුව ඔය පංච උපාදානස්කන්ධයන් පිළිබඳව හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරගෙන උපාදාන රහිතව එයින් නිදහස් වෙනවා නම්, පින්වත් රාධ, මේ භික්ෂුවට කියන්නේ ක්ෂීණාශ්‍රව වූ, බඹසර වාසය නිම කළා වූ, කළ යුතු දෙය කරන ලද්දා වූ, කෙලෙස් බර බැහැර කළා වූ, පිළිවෙළින් සාක්ෂාත් කරන ලද උතුම් අරුතට පත්වුණා වූ, භව බන්ධනයන් නසන ලද්දා වූ, මනා වූ අවබෝධයෙන් ම දුකෙන් නිදහස් වූ රහතන් වහන්සේ කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
අරහන්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M