166. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩි වී සිටි ආයුෂ්මත් රාධ තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් රාධ, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. මොනවාද ඒ පහ? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයයි …. (පෙ) …. විඤ්ඤාණ උපාදානස්කන්ධයයි.”
“පින්වත් රාධ, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා ඔය පංච උපාදානස්කන්ධයන් පිළිබඳව හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා නම්, පින්වත් රාධ, මොහුට කියන්නේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා කියලයි. අපායට නොවැටෙන ස්වභාවයෙන් යුතුව, නියත වශයෙන් ම නිවන පිහිට කොට සිටින කෙනා කියලයි.”
සාදු! සාදු!! සාදු!!!
සෝතාපන්න සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M