සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.1.3. භවනෙත්ති සුත්තං

2.1.3. භව රැහැන ගැන වදාළ දෙසුම

162. සාවත්ථියං….

162. සැවැත් නුවර දී ……………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. ‘භවනෙත්‌ති භවනෙත්‌තී’ති භන්තේ, වුච්‌චති. කතමා නු ඛෝ භන්තේ, භවනෙත්‌ති, කතමෝ භවනෙත්‌තිනිරෝධෝති?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘භව රැහැන, භව රැහැන’ යැයි කියනවා. ස්වාමීනි, භව රැහැන කියන්නේ කුමක්ද? භව රැහැන නිරුද්ධ වෙනවා කියන්නේ කුමක්ද?”

රූපේ ඛෝ රාධ, යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා යේ උපයුපාදානා චේතසෝ අධිට්‌ඨානාභිනිවේසානුසයා. අයං වුච්‌චති භවනෙත්‌ති. තේසං නිරෝධා භවනෙත්‌ති නිරෝධෝ. වේදනාය යෝ ඡන්දෝ ….(පෙ)…. සඤ්‌ඤාය යෝ ඡන්දෝ ….(පෙ)…. සංඛාරේසු යෝ ඡන්දෝ ….(පෙ)…. විඤ්ඤාණේ යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා යේ උපයුපාදානා චේතසෝ අධිට්‌ඨානාභිනිවේසානුසයා. අයං වුච්‌චති භවනෙත්‌ති. තේසං නිරෝධා භවනෙත්‌තිනිරෝධෝති.

“පින්වත් රාධ, රූපය පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, එහි ගැලී සිටීමක්, චිත්තාභ්‍යන්තරයෙහි පැවැත්වීමක් ඇද්ද භව රැහැන කියන්නේ මෙයටයි. ඔය දේවල්වල නිරුද්ධවීමෙන් භව රැහැන නිරුද්ධ වෙනවා. විඳීම පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම් …. (පෙ) …. සඤ්ඤාව පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම් …. (පෙ) …. සංස්කාර පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම් …. (පෙ) …. විඤ්ඤාණය පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, එහි ගැලී සිටීමක්, චිත්තාභ්‍යන්තරයෙහි පැවැත්වීමක් ඇද්ද භව රැහැන කියන්නේ මෙයටයි. ඔය දේවල්වල නිරුද්ධවීමෙන් භව රැහැන නිරුද්ධ වෙනවා.

(මෙහි භවනෙත්ති යන පදයෙහි ඇති නෙත්ති යන වචනයට දිය හැකි තේරුම නම් නැඹුරු වී, යොමු වී තිබෙන යන අර්ථයයි. එවිට භවනෙත්ති යනු භවයට නැඹුරු වී, යොමු වී තිබෙන දෙය යන අර්ථය ලැබේ. නමුත් සිංහලෙන් කියවන ඔබට තේරුම් ගැනීමේ පහසුව සළකා ඔබට හුරු පුරුදු භව රැහැන යන වචන භවනෙත්ති යන්නට යෙදූ බව කරුණාවෙන් සළකන්න.)

සාදු! සාදු!! සාදු!!!

භවනෙත්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M