163. සැවැත් නුවර දී ……………………..
එකත්පස්ව වාඩි වී සිටි ආයුෂ්මත් රාධ තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් රාධ, පිරිසිඳ දත යුතු දේ ගැනත්, පිරිසිඳ දැන ගැනීමත්, පිරිසිඳ දැනගන්නා වූ පුද්ගලයා ගැනත් මා ඔබට දේශනා කරන්නම්. එය අසාගෙන ඉන්න …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
පින්වත් රාධ, පිරිසිඳ දත යුතු දේ යනු කුමක්ද? පින්වත් රාධ, රූපය වනාහී පිරිසිඳ දත යුතු දෙයකි. විඳීම පිරිසිඳ දත යුතු දෙයකි. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය පිරිසිඳ දත යුතු දෙයකි. පින්වත් රාධ, මේවාට කියන්නේ පිරිසිඳ දත යුතු දෙය කියා ය.
පින්වත් රාධ, පිරිසිඳ දැනගැනීම යනු කුමක්ද? පින්වත් රාධ, රාගයේ යම් ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂයේ යම් ක්ෂය වීමක් ඇද්ද, මෝහයේ යම් ක්ෂය වීමක් ඇද්ද, පින්වත් රාධ, පිරිසිඳ දැනීම යැයි කියනු ලබන්නේ මෙයයි.
පින්වත් රාධ, පිරිසිඳ දැනගත් පුද්ගලයා යනු කවරෙක්ද?
මෙබඳු නම් ඇති, මෙබඳු ගෝත්‍ර ඇති යම් ඒ ආයුෂ්මතුන් වහන්සේ නමක් ඇද්ද, උන්වහන්සේට කිව යුත්තේ රහතන් වහන්සේ කියා ය. පින්වත් රාධ පිරිසිඳ දැනගත් පුද්ගලයා කියන්නේ මොහුටයි.
සාදු! සාදු!! සාදු!!!
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M