සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.5.1. අජ්ඣත්ත සුත්තං

1.3.5.1. තමා පිළිබඳ වදාළ දෙසුම

150. සාවත්ථියං….

150. සැවැත් නුවර දී ……………….

කිස්‌මිං නු ඛෝ භික්ඛවේ, සති කිං උපාදාය, උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛන්‌ති?

“පින්වත් මහණෙනි, කුමක් ඇති කල්හිද, කුමක් උපකාරයෙන්ද තමා තුළ සැප දුක් උපදින්නේ?”

භගවංමූලකා නෝ භන්තේ, ධම්‌මා ….(පෙ)….

“ස්වාමීනි, අපගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇති සේක …. (පෙ) ….”

රූපේ ඛෝ භික්ඛවේ, සති රූපං උපාදාය උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. වේදනාය සති වේදනං උපාදාය උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. සඤ්‌ඤාය සති ….(පෙ)…. සංඛාරේසු සති සංඛාරේ උපාදාය උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. විඤ්ඤාණේ සති විඤ්‌ඤාණං උපාදාය උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

“පින්වත් මහණෙනි, රූපයක් තිබුණොත් තමයි, රූපය උපකාරයෙන් ම තමයි තමන් තුළ සැප දුක් උපදින්නේ. විඳීමක් තිබුණොත් තමයි. විඳීම උපකාරයෙන් ම තමයි තමන් තුළ සැප දුක් උපදින්නේ. සඤ්ඤාවක් තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණයක් තිබුණොත් තමයි, විඤ්ඤාණය උපකාරයෙන් ම තමයි තමන් තුළ සැප දුක් උපදින්නේ. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යම්පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යම්පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අපි නු තං අනුපාදාය උප්‌පජ්‌ජෙය්‍ය අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛන්‌ති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය උපකාර කර නොගෙන තමා තුළ සැප දුක් උපදීවිද?” “ස්වාමීනි, එය නොවේ ම ය.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යම්පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යම්පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අපි නු තං අනුපාදාය උප්‌පජ්‌ජෙය්‍ය අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛන්‌ති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය උපකාර කර නොගෙන තමා තුළ සැප දුක් උපදීවිද?” “ස්වාමීනි, එය නොවේ ම ය.”

ඒවං පස්‌සං භික්ඛවේ සුතවා අරියසාවකෝ රූපස්මිම්පි නිබ්බින්දති. ….(පෙ)…. විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා …. (පෙ) …. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ උපතක් නැතැයි අවබෝධය ඇතිවෙනවා.

සාදු! සාදු!! සාදු!!!

අජ්ඣත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M