සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.4.14. අනත්තානුපස්සනා සුත්තං

1.3.4.14. අනාත්මය නුවණින් දැකීම ගැන වදාළ දෙසුම

149. සාවත්ථියං….

149. සැවැත් නුවර දී ……………….

සද්‌ධාපබ්‌බජිතස්‌ස භික්ඛවේ, කුලපුත්‌තස්‌ස අයමනුධම්‌මෝ හෝති. යං රූපේ අනත්‌තානුපස්‌සී විහරෙය්‍ය. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනත්‌තානුපස්‌සී විහරෙය්‍ය.

පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ කුලපුත්‍රයෙකුට මෙන්න මේ විදිහට හිතන එකයි ගැලපෙන්නේ. ‘රූපය පිළිබඳ වූ අනාත්මය නුවණින් දකිමින් වාසය කරන්නට ඇත්නම්’ කියලා. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. ‘විඤ්ඤාණය පිළිබඳ වූ අනාත්මය නුවණින් දකිමින් වාසය කරන්නට ඇත්නම්’ කියලා.

සෝ රූපේ අනත්‌තානුපස්‌සී විහරන්‌තෝ, වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනත්‌තානුපස්‌සී විහරන්‌තෝ රූපං පරිජානාති, වේදනං පරිජානාති, සඤ්‌ඤං පරිජානාති, සංඛාරේ පරිජානාති, විඤ්‌ඤාණං පරිජානාති.

එතකොට ඒ භික්ෂුව රූපය පිළිබඳ වූ අනාත්මය නුවණින් දකිමින් වාසය කරද්දී, විඳීම පිළිබඳ වූ …. (පෙ) …. සඤ්ඤාව පිළිබඳ වූ …. (පෙ) …. සංස්කාර පිළිබඳ වූ …. (පෙ) …. විඤ්ඤාණය පිළිබඳ වූ අනාත්මය නුවණින් දකිමින් වාසය කරද්දී, රූපයත් පිරිසිඳ දකිනවා. විඳීමත් පිරිසිඳ දකිනවා. සඤ්ඤාවත් පිරිසිඳ දකිනවා. සංස්කාරත් පිරිසිඳ දකිනවා. විඤ්ඤාණයත් පිරිසිඳ දකිනවා.

සෝ රූපං පරිජානං වේදනං පරිජානං සඤ්‌ඤං පරිජානං සංඛාරේ පරිජානං විඤ්‌ඤාණං පරිජානං පරිමුච්‌චති රූපම්‌හා, පරිමුච්‌චති වේදනාය, පරිමුච්‌චති සඤ්‌ඤාය, පරිමුච්‌චති සංඛාරේහි, පරිමුච්‌චති විඤ්‌ඤාණම්‌හා , පරිමුච්‌චති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි. පරිමුච්‌චති දුක්‌ඛස්‌මාති වදාමීති.

එතකොට ඒ භික්ෂුව රූපය පිරිසිඳ දැකලා, විඳීම පිරිසිඳ දැකලා, සඤ්ඤාව පිරිසිඳ දැකලා, සංස්කාර පිරිසිඳ දැකලා, විඤ්ඤාණය පිරිසිඳ දැකලා, රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ජාති, ජරා, මරණ සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

අනත්තානුපස්සනා සූත්‍රය නිමා විය.

කුක්‌කුළවග්ගෝ චතුත්ථෝ.

හතරවෙනි කුක්කුළ වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං –

එහි පිළිවෙල උද්දානයයි :

කුක්‌කුළෝ තයෝ අනිච්චේන, දුක්ඛේන අපරේ තයෝ.
අනත්‌තේන තයෝ වුත්‌තා, කුලපුත්‌තේන ද්‌වේ දුකාති.

කුක්කුල සූත්‍රය, අනිච්ච සූත්‍ර තුන, අනික් දුක්ඛ සූත්‍ර තුන, අනත්ත සූත්‍ර තුන, කුලපුත්ත සූත්‍ර සතර යන සූත්‍ර දාහතරෙන් මේ වර්ගය සමන්විත වේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M