151. සැවැත් නුවර දී …………………….
“පින්වත් මහණෙනි, කුමක් ඇති කල්හිද, කුමක් උපකාරයෙන්ද, කුමකට බැසගෙනද, ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මේ මාගේ ආත්මය ය’ යන වැරදි දැක්ම ඇතිවන්නේ?”
“ස්වාමීනි, අපගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇති සේක …. (පෙ) ….”
පින්වත් මහණෙනි, රූපයක් තිබුණොත් තමයි, රූපය උපකාරයෙන් ම තමයි, රූපයෙහි බැසගෙන තමයි ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මේ මාගේ ආත්මය ය’ යන වැරදි දැක්ම ඇතිවන්නේ. වේදනාවක් තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාවක් තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණයක් තිබුණොත් තමයි, විඤ්ඤාණය උපකාරයෙන් ම තමයි, විඤ්ඤාණයෙහි බැසගෙන තමයි ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මේ මාගේ ආත්මය ය’ යන වැරදි දැක්ම ඇතිවන්නේ.
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් …. (පෙ) …. වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ඒ දෙය ඇසුරු නොකොට ‘මගේ කියා හෝ එය මෙම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින්නට පුළුවන්ද?” “ස්වාමීනි, එය නොවේ ම ය.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් …. (පෙ) …. වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ඒ දෙය ඇසුරු නොකොට ‘මගේ කියා හෝ එය මෙම වෙමි කියා හෝ එය මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින්නට පුළුවන්ද?” “ස්වාමීනි, එය නොවේ ම ය.”
“පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැයි අවබෝධය ඇතිවෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
ඒතං මම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M