☰
143. සැවැත් නුවර දී ………………….
පින්වත් මහණෙනි, යමක් වනාහී අනාත්ම නම් ඒ කෙරෙහි ඇති කැමැත්තයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර අනාත්ම දෙයක්ද යත්;
පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. ඒ රූපය ගැන ඇති කැමැත්ත තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය අනාත්මයි. විඤ්ඤාණය ගැන ඇති කැමැත්ත තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී අනාත්ම නම් ඒ කෙරෙහි ඇති කැමැත්තයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
අනත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M