සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.4.7. තතිය දුක්ඛ සුත්තං

1.3.4.7. දුක ගැන වදාළ තෙවෙනි දෙසුම

142. සාවත්ථියං….

142. සැවැත් නුවර දී …………………….

යං භික්ඛවේ, දුක්‌ඛං. තත්‍ර වෝ ඡන්‌දරාගෝ පහාතබ්බෝ. කිඤ්‌ච භික්ඛවේ, දුක්ඛං?

පින්වත් මහණෙනි, යමක් වනාහී දුක නම් ඒ කෙරෙහි ඇති ඡන්දරාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර දුක් දෙයක්ද යත්;

රූපං භික්ඛවේ, දුක්ඛං. තත්‍ර වෝ ඡන්දරාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං දුක්ඛං. තත්‍ර වෝ ඡන්දරාගෝ පහාතබ්බෝ. යං හි භික්ඛවේ, දුක්ඛං. තත්‍ර වෝ ඡන්දරාගෝ පහාතබ්බෝති.

පින්වත් මහණෙනි, රූපය දුකයි. ඒ රූපය ගැන ඇති ඡන්දරාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය දුකයි. විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී දුක නම් ඒ කෙරෙහි ඇති ඡන්දරාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

තතිය දුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M