සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.4.3. දුතිය අනිච්ච සුත්තං

1.3.4.3. අනිත්‍යය ගැන වදාළ දෙවෙනි දෙසුම

138. සාවත්ථියං….

138. සැවැත් නුවර දී …………………….

යං හි භික්ඛවේ, අනිච්‌චං. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝ. කිඤ්‌ච භික්ඛවේ, අනිච්‌චං?

පින්වත් මහණෙනි, යමක් වනාහී අනිත්‍ය නම් ඒ කෙරෙහි ඇති රාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර අනිත්‍ය දෙයක්ද යත්;

රූපං භික්ඛවේ, අනිච්‌චං. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා….(පෙ)…. සංඛාරා….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝ. යං හි භික්ඛවේ, අනිච්‌චං. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝති.

පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. ඒ රූපය ගැන ඇති රාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම අනිත්‍යයි …. (පෙ) …. සඤ්ඤාව අනිත්‍යයි …. (පෙ) …. සංස්කාර අනිත්‍යයි …. (පෙ) …. විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණය ගැන ඇති රාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී අනිත්‍ය නම් ඒ කෙරෙහි ඇති රාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M