සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.4.2. පඨම අනිච්ච සුත්තං

1.3.4.2. අනිත්‍යය ගැන වදාළ පළමු දෙසුම

137. සාවත්ථියං….

137. සැවැත් නුවර දී …………………

යං හි භික්ඛවේ, අනිච්‌චං. තත්‍ර වෝ ඡන්දෝ පහාතබ්බෝ. කිඤ්‌ච භික්ඛවේ, අනිච්‌චං?

පින්වත් මහණෙනි, යමක් වනාහී අනිත්‍ය නම් ඒ කෙරෙහි ඇති කැමැත්තයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර අනිත්‍ය දෙයක්ද යත්;

රූපං භික්ඛවේ, අනිච්‌චං. තත්‍ර වෝ ඡන්දෝ පහාතබ්බෝ. වේදනා අනිච්‌චා ….(පෙ)…. සඤ්‌ඤා අනිච්චා ….(පෙ)…. සංඛාරා අනිච්චා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. තත්‍ර වෝ ඡන්දෝ පහාතබ්බෝ. යං හි භික්ඛවේ, අනිච්‌චං. තත්‍ර වෝ ඡන්දෝ පහාතබ්බෝති.

පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. ඒ රූපය ගැන ඇති කැමැත්ත තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම අනිත්‍යයි …. (පෙ) …. සඤ්ඤාව අනිත්‍යයි …. (පෙ) …. සංස්කාර අනිත්‍යයි …. (පෙ) …. විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණය ගැන ඇති කැමැත්ත තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී අනිත්‍ය නම් ඒ කෙරෙහි ඇති කැමැත්තයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

පඨම අනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M