136. සැවැත් නුවර දී …………………..
පින්වත් මහණෙනි, රූපය යනු ඇවිලගත් උණු අළු ගොඩක්. විඳීම යනු ඇවිලගත් උණු අළු ගොඩක්. සඤ්ඤාව යනු ඇවිලගත් උණු අළු ගොඩක්. සංස්කාර යනු ඇවිලගත් උණු අළු ගොඩක්. විඤ්ඤාණය යනු ඇවිලගත් උණු අළු ගොඩක්. පින්වත් මහණෙනි, ශ්රැතවත් ආර්ය ශ්රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.
සාදු! සාදු!! සාදු!!!
කුක්කුළ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M