සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.3.10. තතිය කොට්ඨිත සුත්තං

1.3.3.10. කොට්ඨිත තෙරුන් වදාළ තෙවෙනි දෙසුම

135. බාරාණසියං….

135. බරණැස් නුවර දී ………………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා සාරිපුත්තෝ ආයස්‌මන්‌තං මහාකොට්‌ඨිතං ඒතදවෝච. ‘අවිජ්‌ජා අවිජ්‌ජා’ති ආවුසෝ කොට්ඨිත, වුච්‌චති. කතමා නු ඛෝ ආවුසෝ, අවිජ්‌ජා, කිත්‌තාවතා ච අවිජ්‌ජාගතෝ හෝතීති?

එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් මහාකොට්ඨිතයෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධාවුසෝ, අස්‌සුතවා පුථුජ්ජනෝ රූපං නප්‌පජානාති, රූපසමුදයං නප්‌පජානාති, රූපනිරෝධං නප්‌පජානාති, රූපනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානාති. වේදනං නප්‌පජානාති ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං නප්‌පජානාති, විඤ්‌ඤාණසමුදයං නප්‌පජානාති, විඤ්‌ඤාණනිරෝධං නප්‌පජානාති, විඤ්‌ඤාණනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානාති. අයං වුච්‌චතාවුසෝ අවිජ්‌ජා. එත්‌තාවතා ච අවිජ්‌ජාගතෝ හෝතීති.

“ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය ගැන දන්නේ නෑ. රූපය හටගන්නා හැටි ගැන දන්නේ නෑ. රූපයේ නිරුද්ධ වීම ගැන දන්නේ නෑ. රූපය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන දන්නේ නෑ.

විඳීම ගැන දන්නේ නෑ …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය ගැන දන්නේ නෑ. විඤ්ඤාණය හටගන්නා හැටි ගැන දන්නේ නෑ. විඤ්ඤාණය නිරුද්ධ වීම ගැන දන්නේ නෑ. විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන දන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

ඒවං වුත්තේ ආයස්‌මා සාරිපුත්තෝ ආයස්‌මන්‌තං මහාකොට්‌ඨිතං ඒතදවෝච. ‘විජ්‌ජා විජ්‌ජා’ති ආවුසෝ කොට්ඨිත, වුච්‌චති. කතමා නු ඛෝ ආවුසෝ, විජ්‌ජා, කිත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති?

මෙසේ වදාළ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිතයන්ගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ‘විද්‍යාව, විද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, විද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් විද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධාවුසෝ සුතවා අරියසාවකෝ රූපං පජානාති, රූපසමුදයං පජානාති, රූපනිරෝධං පජානාති, රූපනිරෝධගාමිනිං පටිපදං පජානාති. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං පජානාති, විඤ්‌ඤාණසමුදයං පජානාති, විඤ්‌ඤාණනිරෝධං පජානාති , විඤ්‌ඤාණනිරෝධගාමිනිං පටිපදං පජානාති. අයං වුච්‌චතාවුසෝ විජ්‌ජා. එත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති.

ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැන අවබෝධයෙන් දන්නවා. රූපය හටගන්නා හැටි ගැන අවබෝධයෙන් දන්නවා. රූපයේ නිරුද්ධ වීම ගැන අවබෝධයෙන් දන්නවා. රූපය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන අවබෝධයෙන් දන්නවා. විඳීම ගැන අවබෝධයෙන් දන්නවා …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය ගැන අවබෝධයෙන් දන්නවා. විඤ්ඤාණය හටගන්නා හැටි ගැන අවබෝධයෙන් දන්නවා. විඤ්ඤාණය නිරුද්ධ වීම ගැන අවබෝධයෙන් දන්නවා. විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන අවබෝධයෙන් දන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි විද්‍යාව කියල කියන්නේ. විද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

සාදු! සාදු!! සාදු!!!

තතිය කොට්ඨිත සූත්‍රය නිමා විය.

අවිජ්‌ජාවග්ගෝ තතියෝ.

තුන්වෙනි අවිජ්ජා වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං –

එහි පිළිවෙල උද්දානයයි :

සමුදයධම්‌මේන තීණි, අස්සාදා අපරේ දුවේ.
සමුදයේන ද්‌වේ වුත්‌තා, කොට්ඨිතේන පරේ තයෝ’ති.

සමුදයධම්ම සූත්‍ර තුනකි. අස්සාද සූත්‍ර දෙකකි. යළිත් සමුදය සූත්‍ර දෙකකි. කොට්ඨිත සූත්‍ර තුනකින්ද යුතුව මෙම වර්ගය පවතියි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M