134. බරණැස් නුවර දී …………………….
එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා රූපයේ හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. වේදනාවේ …. (පෙ) …. සඤ්ඤාවේ …. (පෙ) …. සංස්කාරවල …. (පෙ) …. විඤ්ඤාණයේ හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”
මෙසේ වදාළ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිතයන්ගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ‘විද්‍යාව, විද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, විද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් විද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා රූපයේ හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නවා. වේදනාවේ …. (පෙ) …. සඤ්ඤාවේ …. (පෙ) …. සංස්කාරවල …. (පෙ) …. විඤ්ඤාණයේ හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි විද්‍යාව කියල කියන්නේ. විද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය කොට්ඨිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M