සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.3.8. කොට්ඨිත සුත්තං

1.3.3.8. කොට්ඨිත තෙරුන් වදාළ දෙසුම

133. බාරාණසියං….

133. බරණැස් නුවර දී ………………………….

ඒකං සමයං ආයස්‌මා ච සාරිපුත්තෝ ආයස්‌මා ච මහාකොට්ඨිතෝ බාරාණසියං විහරන්‌ති ඉසිපතනේ මිගදායේ. අථ ඛෝ ආයස්‌මා සාරිපුත්තෝ සායන්‌හසමයං පටිසල්‌ලානා වුට්‌ඨිතෝ යේනායස්‌මා මහා කොට්ඨිතෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා මහා කොට්ඨිතේන සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං මහා කොට්ඨිතං ඒතදවෝච. ‘අවිජ්‌ජා අවිජ්‌ජා’ති ආවුසෝ කොට්ඨිත, වුච්‌චති. කතමා නු ඛෝ ආවුසෝ, අවිජ්‌ජා, කිත්‌තාවතා ච අවිජ්‌ජාගතෝ හෝතීති?

ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේත් වැඩවාසය කළේ බරණැස ඉසිපතන මිගදාය නම් වූ වනසෙනසුනේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වැඩසිටියා. එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධාවුසෝ, අස්‌සුතවා පුථුජ්ජනෝ රූපස්‌ස අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානාති. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරානං ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානාති. අයං වුච්‌චතාවුසෝ, අවිජ්‌ජා. එත්‌තාවතා ච අවිජ්‌ජාගතෝ හෝතීති.

“ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා රූපයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. වේදනාවේ …. (පෙ) …. සඤ්ඤාවේ …. (පෙ) …. සංස්කාරවල …. (පෙ) …. විඤ්ඤාණයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

ඒවං වුත්තේ ආයස්‌මා සාරිපුත්තෝ ආයස්‌මන්‌තං මහාකොට්‌ඨිතං ඒතදවෝච. ‘විජ්‌ජා විජ්‌ජා’ති ආවුසෝ කොට්ඨිත, වුච්‌චති. කතමා නු ඛෝ ආවුසෝ, විජ්‌ජා, කිත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති?

මෙසේ වදාළ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිතයන්ගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ‘විද්‍යාව, විද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, විද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් විද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධාවුසෝ සුතවා අරියසාවකෝ රූපස්‌ස අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාති. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරානං ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාති. අයං වුච්‌චතාවුසෝ, විජ්‌ජා. එත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති.

“ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නවා. වේදනාවේ …. (පෙ) …. සඤ්ඤාවේ …. (පෙ) …. සංස්කාරවල …. (පෙ) …. විඤ්ඤාණයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි විද්‍යාව කියල කියන්නේ. විද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

සාදු! සාදු!! සාදු!!!

කොට්ඨිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M