146. සැවැත් නුවර දී ………………….
පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුලපුත්‍රයෙකුට මෙන්න මේ විදිහට හිතන එකයි ගැලපෙන්නේ. ‘රූපය පිළිබඳව අවබෝධයකින් යුතුව බොහෝ සේ කළකිරීමෙන් වාසය කරන්නට ඇත්නම්’ කියලා. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර පිළිබඳව අවබෝධයකින් යුතුව බොහෝ සේ කළකිරීමෙන් වාසය කරන්නට ඇත්නම්’ කියලා. ‘විඤ්ඤාණය පිළිබඳව අවබෝධයකින් යුතුව බොහෝ සේ කළකිරීමෙන් වාසය කරන්නට ඇත්නම්’ කියලා.
එතකොට ඒ භික්ෂුව රූපය පිළිබඳව අවබෝධයකින් යුතුව බොහෝ සේ කළකිරීමෙන් වාසය කරද්දී, විඳීම පිළිබඳව …. (පෙ) …. සඤ්ඤාව පිළිබඳව …. (පෙ) …. සංස්කාර පිළිබඳව …. (පෙ) …. විඤ්ඤාණය පිළිබඳව අවබෝධයකින් යුතුව බොහෝ සේ කළකිරීමෙන් වාසය කරද්දී, රූපයත් පිරිසිඳ දකිනවා. විඳීමත් පිරිසිඳ දකිනවා. සඤ්ඤාවත් පිරිසිඳ දකිනවා. සංස්කාරත් පිරිසිඳ දකිනවා. විඤ්ඤාණයත් පිරිසිඳ දකිනවා. එතකොට ඒ භික්ෂුව රූපය පිරිසිඳ දැකලා, විඳීම පිරිසිඳ දැකලා, සඤ්ඤාව පිරිසිඳ දැකලා, සංස්කාර පිරිසිඳ දැකලා, විඤ්ඤාණය පිරිසිඳ දැකලා, රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ජාති, ජරා, මරණ සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
නිබ්බිදාබහුල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M