සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.4.10. තතිය අනත්ත සුත්තං

1.3.4.10. අනාත්මය ගැන වදාළ තෙවෙනි දෙසුම

145. සාවත්ථියං….

145. සැවැත් නුවර දී …………………….

යෝ හි භික්ඛවේ, අනත්‌තා. තත්‍ර වෝ ඡන්‌දරාගෝ පහාතබ්බෝ. කෝ ච භික්ඛවේ, අනත්‌තා?

පින්වත් මහණෙනි, යමක් වනාහී අනාත්ම නම් ඒ කෙරෙහි ඇති ඡන්ද රාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර අනාත්ම දෙයක්ද යත්;

රූපං භික්ඛවේ, අනත්‌තා. තත්‍ර වෝ ඡන්‌දරාගෝ පහාතබ්බෝ. වේදනා අනත්‌තා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනත්‌තා. තත්‍ර වෝ ඡන්‌දරාගෝ පහාතබ්බෝ. යෝ හි භික්ඛවේ, අනත්‌තා. තත්‍ර වෝ ඡන්‌දරාගෝ පහාතබ්බෝති.

පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. ඒ රූපය ගැන ඇති ඡන්දරාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය අනාත්මයි. විඤ්ඤාණය ගැන ඇති ඡන්ද රාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී අනාත්ම නම් ඒ කෙරෙහි ඇති ඡන්දරාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

තතිය අනත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M