සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.4.12. අනිච්චානුපස්සනා සුත්තං

1.3.4.12. අනිත්‍යය නුවණින් දැකීම ගැන වදාළ දෙසුම

147. සාවත්ථියං….

147. සැවැත් නුවර දී ……………………

සද්‌ධාපබ්‌බජිතස්‌ස භික්ඛවේ, කුලපුත්‌තස්‌ස අයමනුධම්‌මෝ හෝති. යං රූපේ අනිච්‌චානුපස්‌සී විහරෙය්‍ය. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනිච්‌චානුපස්‌සී විහරෙය්‍ය.

පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ කුලපුත්‍රයෙකුට මෙන්න මේ විදිහට හිතන එකයි ගැලපෙන්නේ. ‘රූපය පිළිබඳව අනිත්‍යය නුවණින් දකිමින් වාසය කරන්නට ඇත්නම්’ කියලා. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. ‘සංස්කාර පිළිබඳව අනිත්‍යය නුවණින් දකිමින් වාසය කරන්නට ඇත්නම්’ කියලා. ‘විඤ්ඤාණය පිළිබඳව අනිත්‍යය නුවණින් දකිමින් වාසය කරන්නට ඇත්නම්’ කියලා.

සෝ රූපේ අනිච්චානුපස්සී විහරන්‌තෝ, වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ අනිච්චානුපස්සී විහරන්‌තෝ රූපං පරිජානාති, වේදනං පරිජානාති සඤ්‌ඤං පරිජානාති සංඛාරේ පරිජානාති විඤ්‌ඤාණං පරිජානාති. සෝ රූපං පරිජානං වේදනං පරිජානං සඤ්‌ඤං පරිජානං සංඛාරේ පරිජානං විඤ්‌ඤාණං පරිජානං පරිමුච්‌චති රූපම්‌හා, පරිමුච්‌චති වේදනාය, පරිමුච්‌චති සඤ්‌ඤාය, පරිමුච්‌චති සංඛාරේහි, පරිමුච්‌චති විඤ්‌ඤාණම්‌හා, පරිමුච්‌චති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි. පරිමුච්‌චති දුක්‌ඛස්‌මාති වදාමීති.

එතකොට ඒ භික්ෂුව රූපය පිළිබඳව අනිත්‍යය නුවණින් දකිමින් වාසය කරද්දී, විඳීම පිළිබඳව …. (පෙ) …. සඤ්ඤාව පිළිබඳව …. (පෙ) …. සංස්කාර පිළිබඳව …. (පෙ) …. විඤ්ඤාණය පිළිබඳව අනිත්‍යය නුවණින් දකිමින් වාසය කරද්දී, රූපයත් පිරිසිඳ දකිනවා. විඳීමත් …. (පෙ) …. සඤ්ඤාවත් …. (පෙ) …. සංස්කාරත් …. (පෙ) …. විඤ්ඤාණයත් පිරිසිඳ දකිනවා. එතකොට ඒ භික්ෂුව රූපය පිරිසිඳ දැකලා, විඳීම පිරිසිඳ දැකලා, සඤ්ඤාව පිරිසිඳ දැකලා, සංස්කාර පිරිසිඳ දැකලා, විඤ්ඤාණය පිරිසිඳ දැකලා, රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ජාති, ජරා, මරණ සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

අනිච්චානුපස්සනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M