සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.3.5. දුතිය අස්සාද සුත්තං

1.3.3.5. ආශ්වාදය ගැන වදාළ දෙවෙනි දෙසුම

130. බාරාණසියං….

130. බරණැස් නුවර දී ……………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා මහාකොට්ඨිතෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝච. ‘විජ්‌ජා විජ්‌ජා’ති ආවුසෝ සාරිපුත්‌ත, වුච්‌චති. කතමා නු ඛෝ ආවුසෝ, විජ්‌ජා, කිත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති?

එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ‘විද්‍යාව, විද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, විiාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් විද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධාවුසෝ, සුතවා අරියසාවකෝ රූපස්‌ස අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාති. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරානං ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාති. අයං වුච්‌චතාවුසෝ විජ්‌ජා. එත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති.

ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නවා. වේදනාවේ …. (පෙ) …. සඤ්ඤාවේ …. (පෙ) …. සංස්කාරවල …. (පෙ) …. විඤ්ඤාණයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි විද්‍යාව කියල කියන්නේ. විද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය අස්සාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M